අපේ කතා - දෘශ්‍ය හා නිරූපන කලා ප්‍රදර්ශනය ආධුනික වෘත්තීය කලාකරුවන් කැඳවීමේ අයදුම්පත

හැඳින්වීම

‘’Promoting Shared Values, Shared space and Dispute Resolution in Sri Lanka” හී කොටසක් වශයෙන්, වැඩිහිටියන්ගෙන් එකතු කරන ලද ජීවිත කතා, කලාව බවට පරිවර්තනය කිරීම සඳහා ආසියා පදනම අම්පාර, කළුතර, කුරුණෑගල, මන්නාරම, ත්‍රීකුණාමලය සහ වවුනියා යන දිස්ත්‍රික්කයන් හි පිහිටි ප්‍රාදේශීය වෘත්තීය කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. තරුණ පරම්පරාව වැඩිහිටියන් සමඟ සම්බන්ධ කර ප්‍රධාන ජීවන පාඩම් බෙදා හදාගැනීම මෙහි පරමාර්ථයයි.

තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමූහිකයේ සාමාජිකයන් ඇතුළත් මණ්ඩලයක් විසින් ප්‍රාදේශීය වෘත්තීය කලාකරුවන් ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් අයදුම් කල කලාකරුවන් අතරින් සුදුසුකම්ලාභීන් තෝරාගෙන

ලැයිස්තුගත කරනු ඇත. එලෙස තෝරාගත් ප්‍රාදේශීය වෘත්තීය කලාකරුවන්ගේ කාර්යභාරය වන්නේ වැඩමුඵ සහ නිර්මාණාත්මක මඟපෙන්වීම් තුලින් මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ ආධුනික කලාකරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමයි.

තරුණ කණ්ඩායම් සමඟ සම්බන්ධවීමට පෙර තෝරාගත් කලාකරුවන්ට නේවාසික පුහුණු වැඩමුඵවකට ආරාධනා කරනු ලබන අතර එහිදි තීර්ත කලාකරුවන්ගේ සාමූහිකය විසින් කලාව හරහා කුසලතා සහ කතාන්දර ඉගැන්වීම පිළිබඳ ඔවුන් දැනුවත්කරනු ලැබේ. ආසියා පදනම විසින් ලබාදෙන වැඩිහිටියන්ගේ කතාන්දර පදනම් කරගෙන නව කලා නිර්මාණ ගොඩනගමින් වෘත්තීය කලාකරුවන් ව්‍යාපෘතියේ ප්‍රාදේශීය ප්‍රදර්ශනවලට සහභාගිවිය යුතුව ඇත.

අයදුම් කළ හැක්කේ කාටද?

  • දෘශ්‍ය කලාව, රංග කලාව සහ නව මාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි වෘත්තීයමය වශයෙන් නිරත කාන්තා සහ පිරිමි කලාකරුවන්.
  • වයස අවුරුදු 18 ට වැඩි.
  • අයදුම්කරු අම්පාර, කඵතර, කුරුණැගල, මන්නාරම, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්ගෙන් එකක පදිංචිව සිටිය යුතුය.
  • තමන්ගේ නිර්මාණ ප්‍රකාශයට පත්කර තිබීම සහ තමන්ගේ දිස්ත්‍රික්කය තුළ නිර්මාණාත්මක ප්‍රජාව හා සම්බන්ධ වි සිටීම සහ/හෝ තමන්ගේ කුසලතා දේශීය සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලදි එළිදක්වා තිබීම වඩාත් වැදගත් වේ.
  • තරුණ ආධුනික කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ කාර්යන් වැඩිදියුණු කරගැනීම සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට කැමති විය යුතුය.

නියමයන් සහ කොන්දේසි

මේ සදහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමන්ගේ අයදුම්පත ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කොන්දේසි හා එකඟවිය යුතුය :

  • තෝරා ගන්නා ලද කලාකරුවන් මෙම ව්‍යාපෘතියේ අංගයක් ලෙස පවත්වනු ලබන සියලුම වැඩමුඵ සහ ප්‍රදර්ශනවලට සහභාගිවන බවට සහතිකවීම සඳහා ප්‍රකාශන පත්‍රයකට අත්සන් තැබිය යුතුය.
  • තෝරාගත් කලාකරුවන් විසින් ආසියා පදනම විසින් තමන්වෙත ලබාදුන් වැඩිහිටියන්ගේ ජීවිත කතාන්දර පදනම් කරගෙන නව කලා නිර්මාණ බිහි කළ යුතුය.
  • ප්‍රකාශන අයිතිය ලබා ගත් නිර්මාණ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ආසියා පදනම වගකියනු නොලැබේ.
  • ව්‍යාපෘතිය සඳහා ගොඩනගන ලද නිර්මාණ ආසියා පදනම විසින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ප්‍රදර්ශනවලට ඉදිරිපත් කිරීමට පෙර කිසිදු තැනක ප්‍රදර්ශනය නොකළ යුතුය.
  • එක් කලාකරුවෙකුට කලා කෘති 5 ක් ඉදිරිපත් කළ හැක. කෙසේ නමුත් ප්‍රදර්ශන භූමියේ ඇති ඉඩකඩ මත එය රඳා පවතී.
  • තෝරාගත් කලා කෘති සහ නිර්මාන අතරින් ප්‍රදර්ශනය සඳහා තෝරාගත් කලා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා සහ වාර්තා සඳහා පමණක් නොව ප්‍රවර්ධන අරමුණු සඳහා ද ආසියා පදනමේ ප්‍රකාශන සඳහා ද භාවිතා කිරීමට මෙම ව්‍යාපෘතිය විසින් පවත්වන ප්‍රදර්ශනවලට සහ වැඩමුඵවලට සහභාගිවීම තුලින් කලාකරුවන් විසින් ආසියා පදනමට අවසර ලබා දේ. කලාකරුවන්ට නිසි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබා දෙමින් මෙය සිදුකරනු ඇත.
  • අසියා පදනමේ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව වයස අවුරුදු 18 ට අඩු ළමයින් ඇතුළත් ඕනෑමඡයාරූපයක්/වීඩීයෝවක් ප්‍රදර්ශනය කිරීම සඳහා කලාකරුවා විසින් අදාළ ළමයාගේ දෙමාපියන්/භාරකරු ගෙන් ලිඛිත අවසර ලබාගත යුතුය.

මෙම ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන කලාකරුවන්, ඇමුණුම් අයදුම්පත පුරවා විද්්‍යුත් තැපෑල ourstories2020lka@gmail.com හෝ සාමාන්‍ය තැපෑලෙන් පහත සඳහන් ලිපිනය ඔස්සේ 2020 ඔක්තෝබර් 30 වන විටඑවන ලෙස ඉල්ලා සිටියි.

ලිපිනය:
”අපේ කතා”
තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සමුහිකය,
තීර්ථ රෙඞ් ඩොට් ගැලරි
39/4 ඒ ඩී. එස් සේනානායක පාර, කොළඹ 08

වැඩි විස්තර සඳහා: ourstories2020lka@gmail.com