අපේ කතා - දෘශ්‍ය හා නිරූපන කලා ප්‍රදර්ශනය තරුණ ආධුනික කලාකරුවන් කැඳවීමේ අයදුම්පත
හැඳින්වීම
‘’Promoting Shared Values, Shared space and Dispute Resolution in Sri Lanka” හී කොටසක් වශයෙන්, වැඩිහිටියන්ගෙන් එකතු කරන ලද ජීවිත කතා, කලාව බවට පරිවර්තනය කිරීම සඳහා ආසියා පදනම අම්පාර, කළුතර, කුරුණෑගල, මන්නාරම, ත්‍රීකුණාමලය සහ වවුනියා යන දිස්ත්‍රික්කයන් හි පිහිටි තරුණ ආධුනික කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. තරුණ පරම්පරාව වැඩිහිටියන් සමඟ සම්බන්ධ කර ප්‍රධාන ජීවන පාඩම් බෙදා හදාගැනීම මෙහි පරමාර්ථයයි.
තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමූහිකයේ සාමාජිකයන් ඇතුළත් මණ්ඩලයක් විසින් තරුණ ආධුනික කලාකරුවන් ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් අයදුම්පත් එවන ලද කලාකරුවන් අතරින් සුදුසුකම්ලාභීන් තෝරාගෙන ලැයිස්තුගත කරනු ඇත. එලෙස තෝරාගත් ආධුනික කලාකරුවන්ට පුහුණු වැඩමුඵ සඳහා ආරාධනා කරනු ලබන අතර එහිදි කලාව භාවිතා කරමින් කතාන්දර කීම පිළිබඳ ඔවුන්ව පුහුණු කරනු ඇත. ආසියා පදනම විසින් ලබා දෙන වැඩිහිටියන්ගේ ජීවිත කතා පදනම් කරගෙන තමන්ගේම කලා කෘතීන් ගොඩනැගීම මෙම වැඩමු`ඵ හරහා ආසියා පදනම ආධුනික කලාකරුවන්ගෙන් අපේක්ෂා කෙරේ.
අයදුම් කළ හැක්කේ කාටද?
- දෘශ්‍ය කලාව (ඡයාරූප සහ කෙටි චිත්‍රපට ඇතු`ඵව), රංග කලාව(නාට්‍ය, නැටුම්, සංගීතය සහ කවි) සහ නව මාධ්‍ය(ග්‍රැෆික්, සජීවිකරණ කතාන්දර කීම) යන ක්ෂේත්‍රයන්හි නිරත කාන්තා සහ පිරිමි ආධුනික කලාකරුවන්.
- වයස අවුරුදු 18 ත් 35 ත් අතර.
- අයදුම්කරු අම්පාර, ක`ඵතර, කුරුණැගල, මන්නාරම, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්ගෙන් එකක පදිංචිව සිටිය යුතුය.
නියමයන් සහ කොන්දේසි
මේ සදහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමන්ගේ අයදුම්පත ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කොන්දේසි හා එකඟවිය යුතුය :
- තෝරා ගන්නා ලද කලාකරුවන් මෙම ව්‍යාපෘතියේ අංගයක් ලෙස පවත්වනු ලබන සියලුම වැඩමුඵ සහ ප්‍රදර්ශනවලට සහභාගිවන බවට සහතිකවීම සඳහා ප්‍රකාශන පත්‍රයකට අත්සන් තැබිය යුතුය.
- තෝරාගත් කලාකරුවන් විසින් ආසියා පදනම විසින් තමන්වෙත ලබාදුන් වැඩිහිටියන්ගේ ජීවිත කතාන්දර පදනම් කරගෙන නව කලා නිර්මාණ බිහි කළ යුතුය.
- ප්‍රකාශන අයිතිය ලබා ගත් නිර්මාණ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ආසියා පදනම වගකියනු නොලැබේ.
- ව්‍යාපෘතිය සඳහා ගොඩනගන ලද නිර්මාණ ආසියා පදනම විසින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ප්‍රදර්ශනවලට ඉදිරිපත් කිරීමට පෙර කිසිදු තැනක ප්‍රදර්ශනය නොකළ යුතුය.
- එක් කලාකරුවෙකුට කලා කෘති 5 ක් ඉදිරිපත් කළ හැක. කෙසේ නමුත් ප්‍රදර්ශන භූමියේ ඇති ඉඩකඩ මත එය රඳා පවතී.
- තෝරාගත් කලා කෘති සහ නිර්මාන අතරින් ප්‍රදර්ශනය සඳහා තෝරාගත් කලා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා සහ වාර්තා සඳහා පමණක් නොව ප්‍රවර්ධන අරමුණු සඳහා ද ආසියා පදනමේ ප්‍රකාශන සඳහා ද භාවිතා කිරීමට මෙම ව්‍යාපෘතිය විසින් පවත්වන ප්‍රදර්ශනවලට සහ වැඩමුඵවලට සහභාගිවීම තුලින් කලාකරුවන් විසින් ආසියා පදනමට අවසර ලබා දේ. කලාකරුවන්ට නිසි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබා දෙමින් මෙය සිදුකරනු ඇත.
- ආසියා පදනමේ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව වයස අවුරුදු 18 ට අඩු ළමයින් ඇතුළත් ඕනෑම ඡයාරූපයක්/වීඩීයෝවක් ප්‍රදර්ශනය කිරීම සඳහා කලාකරුවා විසින් අදාළ ළමයාගේ දෙමාපියන්/භාරකරු ගෙන් ලිඛිත අවසර ලබාගත යුතුය.
මෙම ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන කලාකරුවන්, ඇමුණුම් අයදුම්පත පුරවා විද්්‍යුත් තැපෑල ourstories2020lka@gmail.comහෝ සාමාන්‍ය තැපෑලෙන් පහත සඳහන් ලිපිනය ඔස්සේ 2020 ඔක්තෝබර් 30 වන විට එවන ලෙස ඉල්ලා සිටියි.
ලිපිනය:
”අපේ කතා”
තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සමුහිකය,
තීර්ථ රෙඞ් ඩොට් ගැලරි
39/4 ඒ ඩී. එස් සේනානායක පාර, කොළඹ 08
වැඩි විස්තර සඳහා: ourstories2020lka@gmail.com