ළමා පොත් කතුවරුන් සහ චිත්‍රශීල්පීන් සඳහා අයදුම්පත් කැදවීම
අසියා පදනමේ ‘අපි කියවමු වැඩසටහන’ (Let’s Read Initiative) විසින් ආරම්භ කර ඇති ළමා පොත් සංකල්පනා වැඩමුළුවට (Book Lab) කතුවරුන් සහ චිත්‍රශිලිපීන් ආරාධනා කර ඇත.
අන්තර් ජාලය ඔස්සේ සජීවි ව පවත්වන වැඩසටහන තුළ, සෑම චිත්‍රශිල්පියෙක්ම සහ කතුවරුන්, ප්‍රධාන ප්‍රධාන කර්තෘ සහ කලා අධ්‍යක්ෂවරයෙක් සමඟ එක්ව සිත් ඇදගන්නා සුළු, අලංකාර ළමා පොතක් නිර්මාණය කරනු ඇත. ඊට අමතරව, ප්‍රයෝගික වැඩමුළුවක් හරහා තමන්ගේ ළමා පොත් ලිවීමේ කුසලතාව මුවහත් කර ගැනීමට තෝරාගත් අයදුම්කරුවන්ට අවස්ථාව ලැබේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කියවීම සඳහා ඇල්මක් ඇති කරවන පොත්පත් මහජනතාවට ලබා දීම. නිමාවට පැමිණි පොත් විද්‍යුත් පොත් ලෙස සහ මුද්‍රිත ආකෘතිවලින් මහජනතාවට නොමිලේ ලබා දෙනු ඇත. වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා, www.letsreadasia.org. වෙත පිවිසෙන්න.
ඉල්ලුම් කළ යුතු ආකාරය?
කතුවරුන්: කරුණාකර පිටු 2 කින් යුත් ලිඛිත සාම්පලයක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් 2021 ජුනි 30 වන දින වන විට අපට ඉදිරිපත් කරන්න.
චිත්‍ර ශිල්පීන්: කරුණාකර 2021 ජුනි 30 වන විට ඔබගේ කලා නිර්මාණයක් අප වෙත ඉදිරිපත් කරන්න.
සාම්පල ඉදිරිපත් කිරීමට පෙර කරුණාකර මාර්ගෝපදේශ අනුගමනය කරන්න (මෙහි ක්ලික් කරන්න).
කරුණාකර ඔබගේ වැඩ සාම්පල joel.jeyanathan@asiafoundation.org වෙත ඉදිරිපත් කරන්න.
තෝරාගත් අයදුම්කරුවන් වෙත ඒ බව 2021 ජූලි 31 දින දැනුම් දෙනු ලැබේ.
සාම්පල ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ: නිර්මාණශීලි කතුවරුන්
වැඩමුළුවට සහභාගී වීමට ඔබ කැමති නම්, කරුණාකර දෙගුණයක් පරතරයෙන් යුත් (double-spaced), පිටු 2 කට වැඩි නොවු කතාන්දර සාම්පල 1 ඉදිරිපත් කරන්න.
සාම්පල, කෘති වශයෙන් ප්‍රකාශ කරන ලද හෝ විශේෂයෙන්ම ළමයින් සඳහා ලියන ලද ඒවා වීමද අවශ්‍ය නොවේ.
සම්පුර්ණ කතාන්දර, පරිච්ඡේද හෝ රචනා ආකාරයට ඔබ විසින් ඉදිරිපත් කරන සාම්පල පහත සඳහන් ගුණාංග මත පදනම්ව ඇගයීමට ලක් කෙරේ:-
- පරිකල්පනය: කතුවරයා තම නිර්මාණශීලිත්වය සහ පරිකල්පනීය චින්තනයේ හැකියාව පෙන්නුම් කරයිද?
- චරිත: සිත්ගන්නා සුළු, මතකයේ රැදෙන මෙන්ම ක්‍රියාකාරී ප්‍රධාන චරිත නිර්මාණය කිරීමේ හැකියාව කතුවරයා විසින් පෙන්නුම් කරයිද?
- කථා වස්තුව: පාඨකයාට ජීවයක් රැගෙන ආ හැකි ශෛලියකින්, චරිත සහ සිද්ධීන් ස්වාභාවිකව ගලා ගෙන යන ආකාරයට, විචිත්‍රවත්ව, කෙනෙකුගේ මතකයේ සැමදා රැදෙන ලෙස ඉදිරපත් කිරීමේ හැකියාව කතුවරයා විසින් පෙන්නුම් කරයිද?
- අවධානය: කේන්ද්‍රීය තේමාවක් හෝ අදහසක් තෝරා ගැනීමේ සහ තම කතාව පුරාම එම කේන්ද්‍රීය තේමාව කෙරෙහි අවධානය පවත්වා ගෙන යාමේ හැකියාව කතුවරයා පෙන්නුම් කරයිද?
- ආකෘතිය: කතුවරයා වෘතාන්තයේ මූලික ආකෘතිය පිළිබඳ අවබෝධයක් පෙන්නුම් කරයිද?
- අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ: අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු සහ ව්‍යාකරණ භාවිතය තුළින් කතුවරයා භාෂාවේ ප්‍රවීණත්වය පෙන්නුම් කරයිද?
ළමුන් සඳහා ලිවීමේදී ඉහත ගති ලක්ෂණ පෙන්නුම් කරන ඉදිරිපත් කිරීම් වඩාත් වාසිදායක ලෙස ඇගයීමට ලක් කෙරේ.
සාම්පල ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ: චිත්‍රශිල්පීන්
වැඩමුළුවට සහභාගී වීමට ඔබ කැමති නම්, කරුණාකර ඔබ විසින් නිර්මාණය කරන ලද පහත ලක්ෂණ පෙන්නුම් කරන සිතුවම් ඉදිරිපත් කරන්න:
- කුඩා දරුවන්ට උචිත හා සිත් ඇදගන්නා කලාත්මක ශෛලියකින් යුක්ත වීම.
- විවිධ චරිත සහ දර්ශන නිරූපණය කිරීමේ විශිෂ්ඨ හැකියාව.
චිත්‍රශිල්පීන්ගේ භූමිකාව:
- සිතුවම් හරහා පොත ආකර්ශනීය ලෙස එළිදැක්වීමට කතුවරයා හා සැලසුම්කරු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
- දින දෙකේ වැඩසටහන අවසන් වන විට කතන්දරයට අදාළ දර්ශන නිරූපණය කරන සිතුවම් වල දළ පිටපතක් (draft story board) සහ සම්පූර්ණ කරන ලද කවර ඉදිරිපත් කිරීම.
- වැඩසටහනින් සති කිහිපයකට පසු ඔබේ කණ්ඩායමේ ළමා පොත සඳහා වර්ණ ගැන්වූ රූප සටහන් (colored illustrations) ඉදිරිපත් කරන්න
මේ සදහා සහභාගී වීම තුලින් ලබා ගත හැකි ප්‍රතිඵල:
- ළමයින් කියවීමට පොළඹවන ලස්සන, සිත් ඇදගන්නා සුළු පොත් නිර්මාණය කිරීමට ඔබේ කුසලතා භාවිතා කිරීමට අවස්ථාව ලැබීම.
- වෘත්තීයමය ළමා පොත් ප්‍රකාශකයින්, සංස්කාරකවරුන් සහ කලා අධ්‍යක්ෂවරුන් සමඟ අදහස් විමසීමට අවස්ථාව ලැබීම.
- පොත, ව්‍යාපෘති වෙබ් අඩවිය සහ අලෙවිකරණ ලිපි ලේඛන තුළ ඔබ විශිෂ්ට පිළිගැනීමකට ලක්වීම.
- ඩිජිටල් පොත් ප්‍රකාශනය වටා ඇති හොඳ භාවිතයන් ඉගෙන ගැනීමට හැකිවීම
- ළමා පොත් ප්‍රකාශනයේ වෙනත් අංග ගැන ඔබේ සෙසු කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඉගෙන ගැනීමට හැකිවීම.
- www.letsreadasia.org හි පුද්ගලික ඩිජිටල් එකතුවක් තිබීම
කරුණාකර ඔබේ නිර්මාණ සාම්පල 2021 ජුනි 30 වෙනි දිනට හෝ ඊට පෙර joel.jeyanathan@asiafoundation.org වෙත ඉදිරිපත් කරන්න.
තෝරාගත් අයදුම්කරුවන්ට ඒ බව 2021 ජූලි 31 වෙනි දින දැනුම් දෙනු ලැබේ.
අපි කියවමු
‘අපි කියවමු’ ආසියා පදනම විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර නොමිලේ ළමා පොත් පුස්තකාලයකට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමෙන් ආසියාවේ ජනතාව අතර පොත්පත් හා කියවීම කෙරෙහි ඇල්මක් ඇති කිරීමට එය උත්සාහ කරයි. (www.letsreadasia.org) යන වෙඩ් අඩවිය සහ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම හරහා පුස්තකාලයට ප්‍රවේශ විය හැක. වැඩි විස්තර සඳහා, www.letsreadasia.org/about වෙත පිවිසෙන්න
ප්‍රකාශන හිමිකම සහ නිර්මාණාත්මක පොදු බලපත්‍රය
මෙම වැඩමුළුව හරහා නිර්මාණය කරන ලද පොත් සඳහා ප්‍රකාශන අයිතිය එහි ප්‍රකාශකයා වන ආසියා පදනම විසින් දරනු ලැබේ. ඒවා නිර්මාණාත්මක පොදු බලපත්‍රයක් යටතේ Let’s Read ඩිජිටල් පුස්තකාලයට බාගත කරන අතර, ඒවා නොමිලයේ බාගත කිරීමට, පරිවර්තනය කිරීමට, මුද්‍රණය කිරීමට හා බෙදා හැරීමට අවසර ලබා දේ. නිර්මාණාත්මක පොදු බලපත්‍රයට අනුකූලව කතුවරුන්ට සහ චිත්‍රශීල්පීන්ට ගෞරවය හිමිවනු ලැබේ. නිර්මාණාත්මක පොදු බලපත්‍ර පිළිබඳ වැඩි විස්තර සඳහා, https://creativecommons.org/licenses/by-nc/4.0/. වෙත පිවිසෙන්න