ව්‍යාපෘතියේ සාරාංශය
අපේ කතන්දර is යනු ආසියා පදනමේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන අතර කතන්දර හා කලා නිර්මාණ හරහා තරුණයින් වැඩිහිටියන් හා සම්බන්ධ කිරීම එහි අරමුණයි.
පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානය (FRC) විසින් එකතු කරන ලද, අම්පාර, කළුතර, කුරුණෑගල, මන්නාරම, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රිකයන්හි වැඩිහිටියන්ගේ සැබෑ ජීවිත කතා මෙම ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ලදි. වැඩිහිටියන් විසින් තමන්ගේ ජීවිත කථාව විස්තර කිරීමට පෙර, පසුව සහ කතාව පවසන අතරතුර ඔවුන්ට අවශ්‍ය මනෝ සමාජීය සහාය ලබා දෙන බවට පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහතික වූ අතර මෙම විශිෂ්ට ප්‍රවේශය මනෝවිද්‍යාත්මකව සංවේදී ආකාරයකින් කතන්දර කීමට හා තම අතීත මතකයන් අනුස්මරණය කිරීමට වැඩිහිටියන්ට සම්බන්ධ විය හැකි මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරන ලදි.
කලා නිර්මාණ බිහිකිරීමේදි අවශ්‍ය මග පෙන්වීම ලබා ගැනීම සඳහා, ආසියා පදනම විසින් තීර්ත ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමූහිකය සමඟ හවුල්කාරිත්වයක් ගොඩනගා ගත් අතර එහිදි තෝරාගත් කලාකරුවන්ට අන්තර් ක්‍රියාකාරී වැඩමුළු සහ සාකච්ඡා මාලාවක් හරහා වැඩිහිටියන්ගේ ජීවිත කතා කලා නිර්මාණ බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවශ්‍ය දැනුවත්භාවය ලබා දෙන ලදී.
මෙම මූලාරම්භය තුළින්, ආසියා පදනමේ අරමුණ වූයේ පොදු සාරධර්ම, ඔරොත්තු දීමේ හැකියාව සහ සහජීවනය මත පදනම් වූ වඩාත් යහපත් සමාජයක් බිහි කිරීමේ අපේක්ෂාවෙන් වැඩිහිටියන්ට තම අතීත මතකයන් යෞවනයන්ට ලබා දිය හැකි පොදු අවකාශයක් ප්‍රජාව තුළ නිර්මාණය කිරීමයි.