ඡායාරූප කතාන්දර සඳහා අයදුම්පත් කැඳවීම
ඡායාරූප කතාන්දර යනු කුමක් ද?
පොදු සාරධර්ම අපේ ජීවිතයට ළං කරන, ශ්‍රී ලාංකිකයන් එදිනෙදා ජීවිතයේ අත්විඳින, අපේ හදවත් වලට දැනෙන කතාන්දර, ඡායාරූප ඔස්සේ සෙසු ප්‍රජාව හා බෙදා ගැනීමට අපි මේ තුලින් බලාපොරොත්තු වන්නෙමු.
කා වෙනු වෙන් ද?
වයස අවුරුදු 18 ත් 29 ත් අතර ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැක.
කෙසේ ද?
- කරුණාව, ගෞරවය, ඉවසීම, සාමය, අවංකභාවය හෝ සහයෝගීතාව වැනි සාරධර්ම ඔබ විසින් අනෙකාට දක්වන මොහොතක් හෝ ඔබ අත්දැක ඇති එවැනි අවස්ථාවක් නිරූපණය කරන සිද්ධියක් ඡායාරූප ගත කරන්න. එම ඡයාරූපයෙන් කියවෙන කතාන්දරය අප සමඟ බෙදා ගන්න.
-
කරුණාකර ඔබේ කතාව නිර්මාණය කිරීමේ දි පහත සඳහන් උපදෙස් පිළිපඳින්න:
- ඕනෑම භාෂාවකින් වචන සීමාව (250-300)
- අවශ්‍යයෙන්ම සත්‍ය හෝ විශ්වාසදායක අවස්ථාවක් නොවිය හැක: ඔබ පවුලේ අය, මිතුරන්, ආගන්තුකයන් හෝ සුරතල් සතෙකු සමඟ අත්විඳි, ඔබේ කාචයට හසුවූ මොහොතක් විය හැක.
- ප්‍රධාන ප්‍රශ්නය: මෙම අත්දැකීමෙන් පසු ඔබ ඉගෙනගත් සාරධර්ම (සාරධර්මය) මොනවා ද? ඔබ පිළිබඳ යම් අලුත් දෙයක් ඔබ තේරුම් ගත්තාද - ආකල්පමය වෙනසක් හෝ එදිනෙදා ජීවිතයේ තෝරා ගැනීම් වලදි ? ඔබේ ඡායාරූප (ය) සහ කතාන්දර පහත සඳහන් විද්්‍යුත් ලිපිනය ඔස්සේ අපවෙත එවන්න. niresh@sarvodaya.com
ඇයි ?
එදිනෙදා ජීවිතයේ දි අප විසින් පිළිපැදිය යුතු සාරධර්ම ජීවිතයට එක් කර ගැනීමට දිරිගැන්වීමට සහ ධෛර්යමත් කිරීමට ඔබේ කතාව තුලින් අන් අයට ඉඩ දෙන්න.
ඡායාරූප හා අදාළ කොන්දේසි :
- පින්තූර JPEG ආකෘතියෙන් සුරැකිය යුතුය
- රූප විභේදනය අවම වශයෙන් 300 dpi විය යුතුය
- ඡායාරූපය වර්ණ හෝ ඒකවර්ණ විය හැක
- • පින්තූර ජංගම දුරකථනයකින් හෝ ඩිජිටල් කැමරාවකින් ලබා ගත හැක
සැලකිය යුතුයි : ඡායාරූපවල වයස අවුරුදු 18 ට අඩු ළමයින් හෝ බාල වයස්කරුවන් ඇතුළත් නොවිය යුතුය.
ආසියා පදනම විසින් සර්වෝදය සමඟ සහයෝගිත්වයෙන් ඡායාරූප සහ කතාන්දර තෝරා ගනු ලැබේ.
ෆේස්බුක් (Facebook) හරහා ඔබේ කැමත්ත දැක්වීමට ( like) අමතක නොකරන්න. අප විසින් දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත සඳහන් සැබැඳිය ඔස්සේ ඔබට අපගේ ෆේස්බුක් වෙත ප්‍රවේශ විය හැක : පිවිසෙන්න