මෙම කොටසේ එන ක්‍රියාකාරකම් සියලූදෙනා සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමට සහ ඔවුන්ට එකලෙස පිළිගැනීම ලබා දීමටසභභාගීවන්නන්ට සහාය වේ.සහභාගීවන්නන් විසින් ඔවුන්ගේ ආකල්ප, චින්තන විලාසයන් සහ චර්යාවන් අභියෝගයට ලක්කොට වෙනස්කම්, අගතීන්ගෙන් හා සම්ප්‍රධායන් ඉක්මවා බැලීමට ඉගෙනගනු ඇත.එය සහවේදනය පිළිබඳ ඔවුන් තුළ ඇති හැකියාව වර්ධනය කරන අතර,ඒ තුළින් විවිධත්වය සහ එහි සමෘද්ධිමත් භාවය අගය කිරීමට පුරුදු වනු ඇත.
පොදු ගුණාංග
- ඉවසීම යනු සාමය ඇති කරන ගුණාංගයකි.
- සාමය යනු ළඟා කරගතයුතු අරමුණයි, ඉවසීම යනු ඒ සඳහා ක්‍රමවේදයයි.
- නොඉවසිලිමත්කම හටගන්නේ බිය හා නොදැනුවත්කම තුළිනි.
- ඉවසිලිවන්තයෙකුවීමට නම් අනෙකුත් පුද්ගලයින් අවබෝධකර ගැනීම හා ඔවුනට ගරු කිරිම අවශ්‍ය වේ.අපේ පවුල, මිතුරන් සහ ප්‍රජාව සමඟ සමඟියෙන් සිටීමට නම් අපේ වෙනස්කම් වටහාගැනීමට සහ ඒ තුළින් ඉගෙන ගැනීමට අපි ඉවසිලිමත් විය යුතුය.