සාරධර්ම යනු දේශපාලන ආගමික හා සංස්කෘතික ජීවිතයේ අත්තිවාරම වන අතර, ඵ්වා පුද්ගලයින්ට මෙන්ම පුද්ගල කණ්ඩායම්වල හැසිරීම් සඳහා මඟපෙන්වන මූලධර්ම වේ. විවිධ ආගමික හා සංස්කෘතික පද්ධතීන්හි විශ්වාසයන්, භාවිතයන් සහ වත්පිළිවෙත් ඵකිනෙකට වෙනස් වූවත්, මිනිසුන් ඵකට ඵකමුතු කරවන කේන්ද්‍රීය වටිනාකම් ඵ්වා තුළ ගැබ්වී ඇත.මෙම වටිනාකම් පිළිගැනීම මඟින් ඔබේ වත්පිළිවෙත් වෙනස් කිරීම හෝ ඔබේ විශ්වාසයන් අහිමිවීමක් අදහස් නොකරන අතර,මෙමඟින් අදහස් වන්නේ සියලුදෙනාම ඵක හා සමාන ලෙස පිළිගැනීමටත්,සියලුදෙනාම වෙනුවෙන් සාධාරණත්වය සහ ඵකමුතුකම ඇති කිරීම සඳහා ඵක්ව කටයුතු කිරීමට ඇති කැපවීමයි.

අන් කවරදාටත් වඩා ලෝකයේ සියලුම රටවල්වල් සඳහා සාරධර්ම පිළිබද අධ්‍යාපනය අද අත්‍යවශ්‍යය දෙයක් බවට පත්ව ඇත.වර්ධනය වෙමින් පවතින ආගමික හා සංස්කෘතික විවිධත්වය,ලෝකය වඩාත් යහපත් ස්ථානයක් කරා රැගෙනයාමට උපකාරවන වටිනා අත්දැකීම් සම්භාරයක් නිර්මාණය කර ඇත.කෙසේ වුවත්, එවැනි පරිසරයක යහපත් වූ සාරධර්ම මිනිසුන් පිළිනොපදිනවිට,අනවබෝධයඇතිවී ගැටුම්සහ ආතතීන් නිර්මාණය කරයි.අපේ ජීවිතවලට මඟපෙන්වන සාරධර්ම වර්ධනය කරගනිමින් ඒවා අප තුළ ද අපගේ පවුල හා ප්‍රජාව තුළද භාවිතයට ගනිමින් සාමකාමීව ජීවත්වන්නේ කෙසේද යන්න පිළිබද අප සියලුදෙනා විසින් ඉගෙන ගත යුතුය.

යෞවනයන්,ගුරුවරුන්,විදුහල්පතිවරුන්,විවිධ ආගම්වල නියෝජිතයන් සහ ජනවාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රජා නායකයින්ගේ දායකත්වයේ ප්‍රතිඵලයකින් නිමවූවක් ලෙස මෙම සාරධර්ම සංග්‍රහය හැඳින්විය හැක. ඵය සාරධර්ම අධ්‍යාපනය නැමති ගැටලුව වෙත ප්‍රවේශ වන්නේ, සෑම පුද්ගලයකුටම සාධනීය වූ සාරධර්ම ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබේය යන්න සහ පුද්ගලයින්ගේ හැසිරීම මෙකී සාරධර්ම මඟින් පාලනය කරන සමාජයක මිනිසුන් ජීවත්වියයුතුය යන දෘෂ්ටිකෝණයෙනි. අපට අවශ්‍ය වන්නේ ඒවා යොදාගන්නේ කෙසේ ද යන්න ඉගෙන ගැනීමට සහායවීම පමණි.

“අත්දැකීම් ශ්‍රේෂ්ඨතම ගුරුවරයාය.” යන සංකල්පයට අනුව,මෙම සාරධර්ම සංග්‍රහය තුළින් යහපත් ගුණධර්ම ආදර්ශයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ පහසුකම්සපයන්නාහට මාර්ගෝපදේශයක් ලබාදෙන අතර,සාධනීය සාරධර්ම පදනම් කරගෙන හැසිරීම වැඩි දියුණු කරගැනීම සඳහා ප්‍රායෝගික වටිනාකම් වලින් යුත් ක්‍රියාකාරකම් රැසක් මේ තුළින් හඳුන්වාදෙනු ලබයි.

සරධර්ම සංග්‍රහයේ අරමුණු:

  • ශ්‍රී ලංකාව තුළ සාමය සහ සහජීවනය ගොඩනැගීම සඳහා වැදගත්වන පොදු සාරධර්ම සෑම දෙනා විසින්ම භාවිතා කිරීම වැඩි දියුණු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරම් සිදුකිරීමට අවශ්‍ය ප්‍රායෝගික මෙවලම් තරුණ නායකයින්ට සහ පහසුකම් සපයන්නන්ට ලබාදීම.
  • සාමය,ගරු කිරීම,කරුණාව,ඉවසීම හා සහයෝගීතාවය වැනි සාරධර්ම පිළිබඳ ප්‍රජා අවබෝධය සහ ඵ්වා ප්‍රායෝගිකව භාවිත කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම.
  • සෑම පසුබිමකම ජීවත්වන පුද්ගලයින් සඳහා එක හා සමාන ලෙස මෙම සාරධර්ම වැදගත් වන බවත්,සෑම පසුබිමකමටම අයත් මිනිසුන් විසින් මෙම සාරධර්ම භාවිතා කිරීමට අයිතියක් තිබේය යන අවබෝධය වර්ධනය කිරීම.
  • අන් අයව අවබෝධ කරගැනීම සහ එකිනෙකා අතර ඇති වෙනස්කම් පිළිබඳ වඩාත් සංවේදීතාවයක් ඇති කිරීමේ මාර්ගයක් ලෙස,ජනතාව සංවාදයකට යොමු කිරීම සඳහා ඔවුන් බලගැන්වීම.
  • සාමය,ගෞරවය,ඉවසීම,කරුණාව,අවංකකම සහ සහයෝගීතාව වැනි කාරණා සම්බන්ධයෙන් තමන්ම නියෝජිතයන් ලෙස පෙනී සිටීම සඳහා ධනාත්මක මැදිහත්වීම් වෙත යොමුවීමට තරුණ පරපුර උනන්දු කිරීම.
  • ස්වකීය ප්‍රජාවේ ගැටලුවලට සාමකාමීව හා ගෞරවාන්විතව ප්‍රතිචාර දැක්වීමට තරුණයින් තුළ හැකියාව වර්ධනය කිරීම.

මෙම සාරධර්ම සංග්‍රහය විවිධ සන්දර්භයන් තුළ භාවිතා කළහැකි ආකාරයට නිර්මාණය කර ඇත.එමෙන්ම ධනාත්මක සාරධර්ම භාවිතය දිරිමත් කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම සාරධර්ම සංග්‍රහය භාවිතා කළ හැක.මෙම සාරධර්ම සංග්‍රහය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ දිවයින පුරා පිහිටි තරුණ සමාජවල සිටින තරුණ කණ්ඩායම් අතර මෙය භාවිතයට යොමුකිරීම වුවත්,පාසල් වැනි වෙනත් සන්දර්භයන් තුළ වුවද භාවිත කළ හැකි ආකාරයට මෙය නිර්මාණය කර ඇත. එමෙන්ම මෙය නම්‍යශීලී වන අතර,සහභාගීවන්නන් හට තමා ජීවත්වන ප්‍රදේශයට අදාළ නිදසුන් නිරූපණය කරන ආකාරයට හෝ ඒ ඒ වයස් කාණ්ඩ වලට ගැලපෙන ආකාරයට වෙනස්කම් සිදුකොට මෙය භාවිත කළහැක.

This module consists of two sections:
  • සාරධර්ම මත පදනම් වූ විශේෂයෙන්ම පහසුකම් සපයන්නන්ට වැදගත් වන පහසුකම් සැලසීමේ ක්‍රමවේද(පහසුකම් සලසන්නන් සදහා වන මෙවලම් පෙට්ටිය බලන්න)
  • සාරධර්ම ප්‍රවර්ධනය කිරීමේක්‍රියාකාරකම් (සාමය,ගෞරවය,ඉවසීම,කරුණාව,අවංකකම සහ සහයෝගය)

සාරධර්ම මත පදනම් වූ පහසුකම් සැලසීමේ ක්‍රම නම් වූ,මෙම සංග්‍රහයේ පළමු කොටස සකස්කර ඇත්තේ සාරධර්ම ඉගෙනුම් සැසිවාර සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට සැරසෙන පුද්ගලයින් හට ඒ සඳහා සුදානම් වීම සඳහා භාවිතා කිරීමටය.ඉන්පසු පහසුකම් සපයන්නා විසින් සක්‍රීය සවන්දීම සහ සාමය,ගෞරවය,ඉවසීම,කරුණාව,අවංකකම සහ සහයෝගය/එක්ව වැඩකිරීම යන වටිනාකම් හය පිළිබඳ විමසා බලන අතර,මෙම සාරධර්ම සංග්‍රහයේ අනෙකුත් කොටස් යටතේ ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් ද සිදුකළ යුතුය.

පොදු ගුණාංග

සෑම කොටසක්ම ආරම්භවන්නේ, එම කොටස තුළින් සාකව්ඡා කිරීමට අපේක්ෂා කරන සාරධර්ම තමන්ට මෙන්ම තමන් ජීවත්වන ප්‍රදේශයට අදාළ වන්නේ කෙසේද යන්න පිළිබඳ සහභාගීවන්නන්හට අවබෝධ කරගැනීමට සහය වන පොදු ගුණාංග කිහිපයකිනි.

  • පුද්ගලයින් ලෙස මෙන්ම ප්‍රජාවක් ලෙසද සාරධර්ම අපි එකිනෙකාට අදාළ වන්නේ කෙසේද යන්න අවබෝධකර ගැනීම සඳහා මෙම ගුණාංග උපකාර වේ.
  • පොදු ගුණාංග යනු සාරධර්ම වටහාගත හැකි සහ ඒවා භාවිත කළ හැකි විවිධ වූ ක්‍රම මෙන්ම විවිධ ආගම්,ජන වාර්ගික කණ්ඩායම් සහ සංස්කෘතීන් අතර ඇති පොදු වටිනාකම් අගය කරන ආකාරයකි.
අත්දැකීම් පාදක කොටගත් ඉගෙනුම්

සාරධර්ම සහ හැසිරීම් අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා වූ ක්‍රියාකාරකම් බොහෝවිට අත්දැකීම් පාදක කොටගෙන ඉගෙනගනු ලැබේ.යම් අවස්ථාවකට ප්‍රතිවාර දක්වනවිට දී හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විටදී,තමන්ගේ හැසිරීම සෑම විටකම යම් විශේෂිත සාරධර්ම සමූහයක් මත පදනම්ව ඇති බව සාරධර්ම මත පදනම් වූ හැසිරීම් ක්‍රියාවට නැංවීම තුළින් සහභාගීවන්නන් අවබෝධකරගනී.මෙය අවබෝධ කරගැනීම තුළින් ප්‍රතිචාර දැක්වීමේදී ධනාත්මක සාරධර්ම තෝරාගත හැකි ආකාරය සහභාගීවන්නන් විසින් ඉගෙනගනු ලැබේ.

නිදසුනක් ලෙස ඉවසීම පිළිබඳ සංකල්පය කුමක් ද යන්න තමන් දන්නා බව සහභාගීවන්නන් විසින් පැවසිය හැකි නමුත් ඔවුන්ගේ හැසිරීම් තුළ ඉවසීමේ ගුණාංගය පෙන්නුම් කිරීම අනිවාර්ය නොවේ.ඉවසීමේ ගුණාංගය තමන්ගේ දෛනික ජීවිතයේ දී ස්ථීර වශයෙන් භාවිත කිරීම ආරම්භ කළ හැක්කේ ඒ පිළිබඳ නැවතත් හොඳින් සිතා බැලීමෙන්,අත්විදීමෙන් සහ සාකච්ජා කිරීමෙන් පසුව පමණි.

ඔබේ කණ්ඩායම සමඟ සක්‍රීය සවන්දීම හා අදාළ ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් පසු සාරධර්ම ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීම වැදගත් වේ. ධනාත්මක සාරධර්ම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලිකම හැකියාව වන්නේ,සක්‍රීයසවන්දීමයි.සවන්දීමේ වැදගත්කම සහභාගීවන්නන් විසින් අවබෝධකරගත් පසු සාරධර්ම පිළිබඳ සෙසු ක්‍රියාකාරකම්හි වඩාත් කාර්යක්ෂමව නිරත වීමට ඔවුන්ට හැකිවනු ඇත.

ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ ක්‍රියාකාරී සාකච්ඡාවක් ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීම සඳහා ඒ හා අදාළ ක්‍රියාකාරකම් හඳුන්වාදෙනු ලබන විට,පොදුගුණාංග නිදසුන් ලෙස භාවිත කළ හැක.සාකව්ඡාව සහ ඉගෙනුම් කටයුතුකරගෙන යාමේදී,ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම නිසියාකාරව සිදුකිරීමට සහ ඒවා නැවත ක්‍රියාකාරකම්වලට පෙරළිය හැක.එය සිදුකිරීමේදී පහසුකම් සපයන්නාහට සැබැවින්ම වෙනත් නිර්මාණශීලී ක්‍රමවේදයක් අනුගමනය කළහැක.

පොදු ගුණාංග වලින් පසු සෑම සාරධර්මයක් පිළිබඳව අවබෝධ කරගැනීමට ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ඇත.ක්‍රියාකාරකම් සඳහා ගතවන කාලය එකිනෙකට වෙනස් වේ. සැසිය පටන් ගැනීමට පෙර ඔබ සිටින පරිසරය තුළ එක් ක්‍රියාකරකමක් නිමකිරීම සඳහා කොපමණ කාලයක් ගතවේ ද යන්න පිළිබඳ ඔබ සැළකිමත් විය යුතු අතර,ක්‍රියාකාරකම ආරම්භ කොට එය නිමකිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් සහභාගීවන්නන්හට ලබාදිය යුතුය.

එක් එක් සාරධර්ම පිළිබඳ සහභාගීවන්නන්ගේ පෞද්ගලික අත්දැකීම් වෙත සාකව්ඡාව යොමු කිරීමට සෑම කොටසකම පළමුවෙනි ක්‍රියාකරකම සැලසුම්කරඇත.මෙය කිරීමෙන් පසු සහභාගීවන්නන්ගේ භූමිකාව “ගුරුවරුන්” හෝ “සම්පත්දායකයින්” බවට පත්වන අතර,පහසුකම් සපයන්නාගේ භූමිකාව වනුයේ ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමයි.ආරම්භයේ සිටම සෑම සහභාගීවන්නෙක්ම එයට සම්බන්ධ වන බැවින් සහ මාතෘකාව සඳහා ඔවුන් සියලූදෙනාටම දායකවිය හැකිය යන්නත් ඒ පිළිබඳ තමන්ද යමක් දන්නාබව ඔවුන්ට හැඟෙන නිසා,මෙය මුල්ම වැදගත් ක්‍රියාකාරකම වේ.අන් අය හා බෙදා හදා ගැනීමට තමන් තුළද බොහෝ අත්දැකීම් ඇති බව සහභාගීවන්නන්හට වැටහෙන බැවින්,සාරධර්ම පිළිබඳ ඉගෙනුම සඳහා මේ ආකාරයෙන් ප්‍රවේශවීම තුළින් සහභාගීවන්නන්ගේ විශ්වාසය වැඩිදියුණු කරනු ඇත.

සහභාගීවන්නන්ට තමන් පිළිබඳ යම් වටිනාකමක් සහ තමන්ගේ හැකියාවන් පිළිබඳ යම් විශ්වාසයක් හැඟෙන බැවින්, ඔවුන් ද යහපත් සාරධර්ම භාවිත කිරීමට පුරුදු වේ. ස්වයං කරුණාව සහ ආත්මගරුත්වය ඔවුන් තුළ ජනිත වීම තුළින් අන් අය වෙතද කරුණාව සහ ගෞරවය දැක්වීම සඳහා එය මඟපෙන්වනු ඇත.

ක්‍රියාකාරකම් සිදු කරන විට ඒ සඳහා ඔබ භාවිත කළයුතු හරිම වචනය කුමක්ද? යන්න බොහෝ ක්‍රියාකාරකම් තුළින් ඔබට යෝජනා කෙරෙනු ඇත.නිදසුනක් ලෙස යම් නිශ්චිත ප්‍රශ්න හෝ ප්‍රකාශ වලින් පසු“විමසන්න”,“කියන්න”යන වචන ඔබට බොහෝවිට දකින්නට ලැබෙනු ඇත.මෙය සිදුකරනුයේ පහසුකරුවෙකු ලෙස කටයුතු කරන ඔබේ කටයුතු වඩාත් පහසුකරවීම සඳහාය.ඔබේම වචන භාවිතා කිරීමට ඔබට නිදහස ඇත.කෙසේ නමුත් සෑම වචනයකම නිශ්චිත තේරුම සඳහන් කිරීම වැදගත්ය.

සාරධර්ම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා මෙම සංග්‍රහය පහසුකම් සපයන්නාට මාර්ගෝපදේශයක් ලෙස සහාය වනු ඇත.විවිධ කණ්ඩායම්වලට ගැලපෙන ආකාරයට වෙනස් කළ හැකි වන සේ ක්‍රියාකාරකම් සැලසුම් කොට ඇත.මෙම සාරධර්ම සංග්‍රහයට ඇතුළත් කිරීම සඳහා තමන්ගේම ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමට මෙම සාරධර්ම සංග්‍රය භාවිත කිරීම තුළින් පහසුකම් සපයන්නා පොළඔවනු ඇත.

icon

මෙම සංග්‍රහයේ පරිච්ඡේද ව්‍යුහගත කර ඇත්තේ පහසුකම් සලසන්නන් හට සාරධර්ම පිළිබඳ සහභාගීවන්නන්ගේ අවබෝධය පුළුල් කිරීම සදහා මාර්ගෝපදේශයක් වශයෙනි.සහභාගීවන්නන්ට සාධනීය සාරධර්ම ක්‍රියාවට නැංවීම ආරම්භ කිරීම සදහා පහසුකම් සලසන්නන් විසින් මෙම සංග්‍රහයේ අන්තර්ගතය අනුගමනය කළයුතුය.අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා හා ක්‍රියාකාරකම් මගින් සහභාගීවන්නන්හට සාරධර්ම පිළිබඳ ඔවුන්ගේම අවබෝධයක් ඇති කර ගැනීමට මඟපෙන්විය යුතුය.එමෙන්ම හැකිතාක් දුරට සාරධර්ම පිළිබඳ දේශනා පැවැතිවීමෙන් වැළකිය යුතුය. එයට හේතුව වන්නේ සහභාගීන්නන් විසින්ම සාධනීය සාරධර්ම අවබෝධ කර ගෙන ඒවා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් කරගතයුතු නිසාය. සාරධර්ම තුළින් අදහස්වන්නේ කුමක්ද යන්න එවිට සහභාගීවන්නන් විසින් සත්‍ය වශයෙන්ම අත්දකිනු ඇත.

පහසුකම් සපයන්නා ආදර්ශ භූමිකාවක් ලෙස

යහපත් සාරධර්ම වෙත යොමුවීම ධෛර්යමත් කිරීම සඳහා ගුරුවරුන් සහ පහසුකම් සලසන්නන් ආදර්ශ භූමිකාවක් බවට පත් විය යුතු අතර,ඔවුන්ගේ ඉගැන්වීම්/පහසුකිරීමේ ක්‍රම,ප්‍රවේශ සහ මිනිසුන් සමඟ ඇති කරගනු ලබන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයන් තුළ මෙම සාරධර්ම පිළිඹිබු වියයුතුය.එබැවින් සාරධර්ම පිළබඳ ඉගැන්වීමේ ක්‍රමවේද සාරධර්ම සංග්‍රහයේ අන්තර්ගතය සේම වැදගත්වේ.නිදසුනක් ලෙස සාමය ගැන උගන්වන විට පහසුකම් සපයන්නාගේ භාෂාව සහ ක්‍රියාවන් තුළ සාමය පිළිඹිබු විය යුතුය. කෝපයෙන් කෑ කෝ ගසමින් සාමය පිළිබඳ ඉගැන්වීමේ නිරත වීමෙන් සිදුවන්නේ පාඩමේ අරමුණු වලට එරෙහිව කටයුතු කිරීමයි.

කරුණාව,සහයෝගය සහ සාමය වැනි ධනාත්මක සාරධර්ම නිරතුරුවම ආදර්ශයට ගන්නා පරිසරයක් තුළ තමන්ව අගය කරන බව සහ අවබෝධකරගෙන ඇති බව හැඟෙන්නේ නම්,සහභාගීවන්නන් ඉක්මනින්ම කරුණාව,ඉවසීම සහ සහයෝගය වැනි සාරධර්ම තම ජීවිත තුළට එකතු කරගන්නවා ඇත.යම් පුද්ගලයෙකුට තමන් පිළිබඳ විශ්වාසයක් හෝ සතුටක් හැඟෙන්නේ නම්,අන් අය සමඟ කටයුතු කිරීමේ දී ඔවුන් බොහෝවිට ධනාත්මක සාරධර්ම වෙත යොමු වෙනු ඇත.

ධනාත්මක සාරධර්ම තුළින් හැසිරීමට මඟපෙන්වනු ලබන්නේ ඒවා බුද්ධිමය වශයෙන් තේරුම් ගන්නාවිට පමණක් නොව ඒවා ප්‍රයෝගිකව භාවිත කිරීමෙන්ය.එබැවින් සාරධර්ම පිළිබඳ තමන්ගේ අත්දැකීම් කෙරෙහි හෝ තමන් තුළ නැති සාරධර්ම කෙරෙහි අවධානය යොමු කිරීමට සහ එම අත්දැකීම් කණ්ඩායම සමඟ බෙදාගැනීමට කණ්ඩායම උනන්දු කිරීම ඉතා වැදගත්ය.

මෙම ප්‍රවේශයත් සමඟ තමා දැනටමත් සාරධර්ම පිළිබඳව බොහෝ දේ දන්නා බව සහ ඒ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති බවට සහභාගීවන්නන් විසින් අවබෝධ කරගනී.සාරධර්ම අධ්‍යාපනය තමන්ගේම ජීවිතයට කෙතරම් අදාළ වන්නේද යන්නත්,තම දෛනික ජීවිතයේ දී ධනාත්මක සාරධර්ම භාවිත කළ හැකි ආකාරයත් එතැන් පටන් සහභාගීවන්නන් පහසුවෙන් අවබෝධකර ගනී.

සාරධර්ම ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව වූ මෙම අවබෝධය මත පදනම්ව, දේශන පැවැත්වීමෙන් හා සාරධර්ම පිළිබඳව දීර්ඝ විස්තර ලබාදීමෙන් වැළකී සිටීමට පහසුකම් සලසන්නා ඉගෙන ගතයුතුව ඇත.වැඩිපුර කථා කිරීමට සහභාගීවන්නන් හට අවස්ථාව ලබා දිය යුතුය. පහසුකම් සලසන්නාගේ කාර්යභාරය වන්නේ ප්‍රශ්න ඇසීම හා පිළිතුරුවලට සවන්දීම මඟින් සාරධර්ම පිළිබඳ දැනුවත්භාවයක් සහභාගීවන්නන් තුළ ඇති කිරීමයි.ඊළඟ කොටසේ දක්වා ඇති ක්‍රියාකාරකම් මඟින් මෙය සිදුකරන ආකාරය පිළිබඳ සාර්ථක උදාහරණ සපයා ඇති අතර,දයාන්විත හා සක්‍රීය ඇහුම්කන්දීම පිළිබඳ පහත සඳහන් කර ඇති උපදෙස් මෙම ක්‍රියාකාරකම් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට උපකාරවනු ඇත.

icon

සහභාගීවන්නා කේන්ද්‍ර කොටගත් ප්‍රවේශයකදී, සහභාගිවන්නෙක් විසින් පහසුකම් සපයන්නාගෙන් ප්‍රශ්නයක් විමසුවහොත්, පිළිතුර කුමක් දැයි ඔබ සිතන්නේද?යන්න විමසමින් ප්‍රතිචාර දැක්විය හැකිය.බොහෝවිට,ප්‍රශ්නය අසන පුද්ගලයාට පිළිතුර පිළිබඳ යම් අදහසක් පැවතිය හැකි අතර, හුදෙක් ඔවුන්ට අවශ්‍ය වන්නේ එය ප්‍රකාශ කිරීම සඳහා වූ අනුබලයකි.සහභාගීවන්නාට තමාගේම වචනවලින් පිළිතුර ප්‍රකාශ කළ හැකිනම්,ඔහු විසින් ආශ්‍රිත දැනුම ග්‍රහණය කර ගැනීමේ වැඩි ශක්‍යතාවකින් යුක්ත වේග

දයාන්විත හා සක්‍රීය සවන්දීම යනු සාරධර්ම උගන්වන පහසුකම් සලසන්නෙකු සඳහා වූ ප්‍රධාන මෙවලමකි.මෙම සවන්දීමේ ක්‍රමවේදය තුළින් බොහෝ ප්‍රතිඑල අත්පත් කරගතහැක.
  • මිනිසුන් අතර අවබෝධය වර්ධනය කර, ගැටුම් අවම කිරීම.
  • සහභාගීවන්නන් හටසාරධර්ම ප්‍රගුණ කිරීමට හැකි ආකාරයෙන් ඔවුන් තුළ විශ්වාසය හා ස්වයං ඇගයීමක් ඇති කිරීම.
  • ගැටලු වලට තිරසාර විසඳුම් හඳුනාගැනීම වැනි බහුවිධ ඵල ඇතුලත් වේ.
සක්‍රීය සවන්දීම යනු කුමක්ද?

සක්‍රීය සවන් දීම යනු තමා කතා කළදේ සහ තමා තුළවූ හැඟීම් ඇහුම්කන් දෙන්නාට ඇසුනු බව සහ එය තේරුම්ගත්බව සහ එය තේරුම්ගත් බව කතාකරන්නාට පැහැදිලිවම අවබෝධවීමයි.ඒ තුළින් අදහස් වෙන්නේ, අවධානයෙන් සහ විවෘතව ඇහුම්කන් දීම සහ කතාවේ අන්තර්ගතය සහ ඒ තුළ ඇති කරවන හැඟීම් ඇහුම්කන් දෙන්නා තුළින් පිළිඹිබුවීමයි.

මිනිසුන් තවත් අයෙකුට ඇහුම්කන්දෙනවිට නිරතුරුවම සිදුවන්නේ, එම පුද්ගලයා කතා කරමින් සිටින අතරම,තමන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සිතමින් සිටීමයි. එසේ කිරීමේදී ඔවුහු කථා කරන පුද්ගලයාට සැබෑ ලෙසම ඇහුම්කන්දීම, ඔහුගේ මතය තේරුම් ගැනීම හෝ ඔහුගේ ගැටලූ හඳුනාගැනීම සිදුනොකරයි.මෙහිදී බොහෝසෙයින් සිදුවන්නේ, කතාකරන්නා තමා ඉදිරියේ පවසනදෙය තමාට අදාළ වන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳ ඇහුම්කන්දෙන්නා කල්පනා කරමින් සිටීමයි.එබැවින් කථා කරමින් සිටින පුද්ගලයාගේ අත්දැකීම,තමාගේ අත්දැකීමක් බවට පත් කර ගැනීමට ඔහු/ඇය අපොහොසත් වේ.මීට අමතරව,සවන්දීම වෙනුවට බොහෝවිට දක්වන ප්‍රතිචාරය වන්නේ, ගැටලුවේ ස්වභාවය අවබෝධකර ගැනීමට ප්‍රථම කතාවට බාධා කිරීම, විවේචනය කිරීම, තීන්දු - තීරණ හෝ විසඳුමක් ඉදිරිපත් කිරීමයි.

පහත දක්වා ඇත්තේ සරල ප්‍රශ්නයක් විශාල ගැටුමක් බවට පත්වන ආකාර පෙන්වා දෙන නිදසුනකි.

“මම අනිෂ්කට ආසම නෑ.එයා හැම තිස්සෙම එයාගේ බයිසිකලය පාරේ මැද්දේ නවත්තලා යනවා” යැයි පුද්ගලයෙක් පැවසුවහොත්,එයට ප්‍රතිචාර ලෙස තවත් පුද්ගලයෙක් “ඕක ඉතිං එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ.ඔයාට ඉතිං වෙන පැත්තකින් යන්න පුළුවන්නේ” යැයි පැවසිය හැක.ඔහුගේ එම ප්‍රතිචාරය තුළින් ගැටලූව නොවැදගත්සේ සලකා ඉවතදා ඇත.

මෙයට විකල්පයක් ලෙස“අනිෂ්ක එයාගේ බයිසිකලය එතන දාලා යන එක ගැන ඔයා ඉන්නේ එයත් එක්ක තරහින්ද?” යන ප්‍රශ්නය ඔබට විමසිය හැක.එම ප්‍රතිචාරය තුළ ඔබ සක්‍රීය සවන්දීම සිදු කර ඇත.පුද්ගලයා පැවසූ දෙයට ප්‍රතිචාරදක්වමින් ඔහු පැවසූ දෙය ඔබට ඇසුණු බව පෙන්වමින් තුළින් ඔබ ඔහුට, ඔහුගේ කතාව දිගටම කරගෙන යාමට දිරිමත් කරයි.

නිදසුනක් ලෙස,“ඔව්, ඒක හරිම වදයක්. මැනේජර් මහත්තයා ඉස්සරහ දොර විවෘත කරලා තියන වේලාව අවසන් කරා විතරයි. දැන්, මට පිටුපස්සේ දොරෙන් තමයි ඇතුළට යන්න වෙලා තියෙන්නෙ. හැමදාම එයාගෙ බයිසිකලය මේ වගේ පාර මැද නවත්වලා තියෙන නිසා මට වැඩට යන්න පරක්කු වෙනවා. මට ඒක අහකට කරන්න වෙනවා.

එවිට ඇහුම්කන්දෙන්නාට “ඔයා කළකිරිලාද ඉන්නේ? මැනෙජර් මහත්තයට අවශ්‍යය ඔයාට ඉස්සරහ දොරෙන් කාර්යාලයට ඇතුල් වෙන්න ඉඩදෙන්න.ඒත් බයික් එක නතර කරලා තියෙන්නේ යන පාරේනේ.”යනුවෙන් පැවසිය හැක.මෙයට ප්‍රතිචාර ලෙස කතාකරන්නා“ඔව්. අපි දැන් කාර්යයාලයට ඇතුලූ වෙන්නේ පිටුපස්සේ දොරෙන් කියලා අනිෂ්කට පැහැදිලි කරන්න ඕන”සක්‍රීය සවන්දීමේ ක්‍රියාවලියක් හරහා කතා කරන්නාට තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, ඒ තුළින් සන්සුන් වී තමාගේම විසඳුමක් හඳුනාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

සක්‍රීයව හා දයාන්විතව ඇහුම්කන්දීමේ ප්‍රධාන පියවරමොනවාද?
ප්‍රධාන පියවර මෙය වැදගත් වන්නේ ඇයි?
1 යම් කිසිවෙක් ඔබ වෙත පැමිණ කතා කරන්නට උත්සාහ කරන විට ඔබට ඒ සඳහා සැබෑ ලෙසම කාලය නොමැති නම්,මට ඇත්තටම ඔයා කියන්න යනදේ අහන්න අවශ්‍යයි, ඒ වුණත්, කණගාටුයි, මේ වෙලාවෙ මට ඒ සඳහා කාලයක් නැහැ, අපිට පස්සේ කථා කරන්න වෙලාවක් සූදානම්කරගන්නපුළුවන්ද?යනුවෙන් පැවසිය හැකිය. මෙය වැදගත් වන්නේ ඔබ ප්‍රමාදවී හෝ යම් වෙනත් කාර්යයක නිරතව සිටින බැවින් අවධානය වෙනතක පවතින විට, සක්‍රීය ඇහුම්කන්දීම පිළිබඳ පහත පියවර අනුගමනය කිරීමට ඔබට නොහැකි වන බැවිනි.
2 ඔබගේ ශරීර ඉරියව් ප්‍රකාශනය තුළ ඔබ කතා කරන්නා වෙත අවධානය යොමු කරගෙන සිටින බව ඇගවීමට සහතික වන්න. ඇසට ඇස ගැටෙනසේ කථා කරන්නා දෙස මුහුණට මුහුණලා සිටින්න.අවශ්‍ය නම් ශරීරය ස්පර්ශ කිරීමක් ද සිදු කරන්න.ඔබට යමෙක් අසලින් වාඩිවී සිටිය හැක.එසේත් නැතහොත් කුඩා දරුවකු නම්, ඔහුගේ මට්ටමට සමානවන පරිදි පහළට නැමී ඔහු/ඇය සමඟ කතා කිරීමට ඔබට හැක.ඔබ ඇහුම්කන් දෙන බව කතා කරන්නාට හැඟවෙන ආකාරයට සියලූ දේ සිදුකරන්න. කතා කරන්නා, කතා කරමින් සිටින අතරතුර ඔබ ඉවත බලාගෙන සිටීම හෝ වෙනත් ආකාරයකින් අවධානය යොමු නොකර සිටීම.(උදා: ඔබගේ සටහන් වෙත ඇස යොමු කරගෙන සිටීම හෝ ජනේලයෙන් පිටත බලාගෙන සිටීම) මඟින් ඔබ අදාළ කටයුත්තට ඇල්මක් නොදක්වන බව කතා කරන්නාට අඟවන අතර, ඒ තුළින් අගෞරවකිරීමක් පෙන්නුම් කරයි.
3 ඉඩක්ලද අවස්ථාවලදී ඔහු/ඇය කතාව කරගෙන යන අතරතුර, ඔහු/ඇය පැවසූ වචන නැවතත් පවසන්න.එසේත් නොමැතිනම් වෙනත් වචනවලින් ඒ දෙයම ප්‍රකාශකරන්න.ඔහු/ඇය පැවසූ වචනම භාවිතකොට කතාකරන්නා පැවසූදෙය සාරාංශගත කරන්න. සාවධානව ඇහුම්කන්දීම යනු හුදෙක් වචනවලට පමණක් ඇහුම්කන් දීම නොව මිනිසුන්ගේ හැඟීම්වලට ද ඇහුම්කන් දීම බව සිහි තබාගන්න. මෙසේ කිරීමෙන් ඔබ නිවැරදි ලෙස අදාළ පුද්ගලයා පවසනදෙය අවබෝධ කරගන්නා අතර, ඔවුන් පැවසූ දේ තේරුම් නොගත් බවට ඔවුන් කනස්සල්ලට හෝ දුකට පත්වීම වළකාලනු ඇත.

ඔවුන්ගේ වචන පුනරුච්චාරණය කිරීමෙන් හෝ වෙනත් වචනවලින් එය පැවසීමෙන් ඔබ ඔහුට ඇහුම්කන්දුන් බව හැඟෙවෙනවාපමණක් නොව, ඔවුන්ට දැනෙන ආකාරයට කතාව සම්පූර්ණයෙන්ම පැවසීමට ඉඩහැරීම තුළින් අදාළ පුද්ගලයාට දිගටම කථාකරගෙන යාමට දිරිගැන්වීමක් කරන්න. මෙමඟින් ඔවුන්ට ඔවුන්ගේ ගැටළුවට යම් අර්ථාන්විත බවක් ලබා දීමට අවස්ථාව සැලසේ.

කතා කරන්නාගේ වචන ආපසු ඔහු සම්බන්ධයෙන් පාවිච්චි කිරීමෙන්, ඔහු ප්‍රකාශ කරන දේ අවබෝධකරගත් බව හා එහි වලංගු බව ඒත්තු ගැන්වීම තුළින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය තවදුරටත් වර්ධනය කළ හැක.
4 තමන්ගේ කථාව ඔබ සමඟ පැවසීම පිළිබඳ කතා කරන්නාහට නිරතුරුවමස්තූති කරන්න.
වැළකී සිටිය යුත්තේ කවර කරුණු වලින්ද?

තීන්දු ලබාදීමෙන් හෝ විවේචනය කිරීමෙන් වළකින්න.

යම්කිසි පුද්ගලයෙක් යම් ගැටලුවක් සමඟ ඔබ වෙත පැමිණෙන්නේ නම්, ඔයා එහෙම කළේ ඇයි? ඒක මෝඩ වැඩක් නේ, හෝ ඔයා හැම වෙලාවෙම කරදර ඇඟට දාගන්නවා වැනි ප්‍රකාශ ඉදිරිපත්කිරීමෙන් වළකින්න. සක්‍රීය ඇහුම්කන් දීම තුළින් අනෙකා විසින් (ඔහු එවැනි දෙයක්සිදුකර ඇත්නම්) සිදුකර ඇති අත්වැරදීම් අවබෝධ කර ගැනීමට ඔහුට උපකාර කරන්න.ආරම්භක ස්ථානයේ සිටම, ඔබ තීන්දු තීරණ දීමට හා එම පුද්ගලයාව විවේචනය කිරීමට පටන්ගතහොත්,එම පුද්ගලයා තමාගේ නිවරුදිභාවය ඔප්පු කිරීම සඳහා හේතු දක්වන්නට උත්සාහ දරන අතර, ස්වයං සමාලෝචනයකට නොපෙළඹෙනු ඇත. සම්පූර්ණ කථාව ශ්‍රවනය කිරීමට ප්‍රථම තීන්දු තීරණ ලබා දීමෙන් හා විවේචන ඉදිරිපත් කිරීමෙන් විශාල අවැඩක් වනු ඇත.

බාධා කිරීමෙන් වළකින්න

අවශ්‍ය තරම් කාලය රැගෙන තමාගේ කතාව නිදහසේ පැවසීමට කතා කරන්නාට අවස්ථාව ලබා දෙන්න. “කොහොමද?”හෝ “ඇයි ඒ” වැනි ප්‍රශ්න තුළින් ඔහුට බාධා නොකරන්න.

ඔබගේ කථාව පැවසීමට යාමෙන් වළකින්න

බොහෝ විට දෙදෙනෙකු අතර සිදුවන කතාවක්,පුද්ගලයා මූලික කොටගත් එකක් වන අතර,එක් පුද්ගලයකු තමන් පිළිබඳ සහ තමන් අගය කරන දේවල් කතා කරන අතර,අනෙක් පුද්ගලයා ඔහු පිළිබඳ සහ ඔහු කැමති අකමැති දේවල් කතා කරනු ලැබේ.මෙවැනි තත්ත්වයක් තුළ කිසිවෙක් සාවධානව අනෙකාට සවන් නොදෙන අතර, වැරදි අවබෝධයක් ඇති වීමට එය හේතු වේ.සක්‍රීය සවන්දීමේ දී ඔබේ කාර්යයවනුයේ අනෙක් පුද්ගලයා කතා කරන දෙයට ඇහුම්කන් දීම සහ අනෙක් පුද්ගලයාව කතාකිරීමට දිරිමත් කිරීමයි.ඔබේ කතාවට ද ඇහුම්කන් දීමට සුදුසු අවස්ථාවක් ඒ අතරතුර එළ‍ෙඔනු ඇත.

පමණට වඩා අනුකම්පා කිරීමෙන් වළකින්න.

“අනේ පව්” “ඒ වගේ දේවල් නිතරම වෙන්න ඔයා කොයිතරම් අවාසනාවන්තද?” වැනි දේවල් ප්‍රකාශ කිරීමෙන් වළකින්න.මෙවැනි ප්‍රකාශ තුළින් තමා දුර්වලයෙකු යැයි කතා කරන්නාට හැඟෙන අතර, තමන් පිළිබඳ ඔහුට ඇති විශ්වාසය නැතිවීයයි.

විසඳුම් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.

යම් පුද්ගලයෙකු තමන්ගේ ප්‍රශ්නයක් පැවසීමට අපවෙත පැමිණි විට උත්සහ ගන්නේ ඔහු ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමෙන්, ඔහුට උපකාර කිරීමටය. බොහෝ විට අප මෙය සිදුකරන්නේ ඔහුගේ ප්‍රශ්නයවත් හරියාකාරව අවබෝධකර නොගෙනය. ඉහත පියවර අනුගමනය කිරීම තුළින් සහ සක්‍රීය සවන් දීම තුළින්,කතා කරන්නාහට තමන්ගේම විසඳුමක් සොයා ගැනීම සඳහාඔබසැබවින්ම පෙළඔවීමක් ඇති කරයි.

සාරධර්ම ඉගෙන ගන්නවා මෙන්ම සක්‍රීය සවන් දීම පිළිබඳඉගෙන ගතහැකි හොඳම ක්‍රමය වන්නේ,එය ප්‍රායෝගිකව භාවිත කිරීමයි.සක්‍රීය සවන්දීමඉගැන්වීමට පෙර සහ ඔබේ කණ්ඩායම සමඟ ක්‍රියාකාරකම්වල නිරතවීමට පෙර, ඔබ අසල සිටින පුද්ගලයා කරන කතාබහට සවන් දී “සක්‍රීය සවන්දීම” පුරුදුවන්න.සංවාදයසාමාන්‍ය එකකට වඩා වෙනස වන්නේ කෙසේ ද යන්න පරීක්ෂා කරන්න.

ධනාත්මක සාරධර්ම වලින් පිරිපුන් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තවත් වැදගත් මෙවලමක් වන්නේ ගෞරව සහිතගැටුම් නිරාකරණයයි.ගෞරව සහිත ගැටුම් නිරාකරණය කිරීමේ කුසලතාවය තුළින් මිනිසුන්ට සාමාජීය වශයෙන් වගකියන පුද්ගලයන් බවට පත්විය හැකි අතර, ප්‍රජාව තුළ සහජීවනය ප්‍රවර්ධනය කළ හැක.

ළමයින් තුළ මෙන්ම වැඩිහිටියන් තුළ ද වැඩිදියුණු කළයුතු ගුණාංගයක් ලෙස ගැටුම් නිරාකරණය කිරීමේ කුසලතාව හැඳින්විය හැක.එසේ නොවුනහොත් එහි ප්‍රතිඑලය වන්නේ මිනිසුන් අතර ප්‍රචණ්ඩත්වය සහ ගෘහස්ථ හිංසනය වැඩි දියුණුවීම සහ කුඩා ගැටුම්, විනාශකාරී බලපෑම් ඇතිකරවන විශාල ගැටුම් බවට පත්වීමයි.

ගැටුම් නිරාකරණය කිරීම සඳහා මිනිසුන්ට උපකාර කිරීම යන්නට චිත්තවේග හඳුනාගැනීම,එම චිත්තවේග පාලනය කීරීම, ඒවා ප්‍රකාශ කරන්නේ සහ ඒ මත ක්‍රියාකරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ.මීට අමතරව අන්අය කෙරෙහි සංවේදීවීම සහ අන් අයගේ අදහස් පිළිගැනීම හා අනෙක් පුද්ගලයාගේ චිත්තවේග අවබෝධකරගන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම අවශ්‍ය වේ.

ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ වැදගත් අංගයක්වන්නේ සක්‍රීය සවන් දීමයි.ගැටුම්කාරී පාර්ශවයන්ට ඔවුන්ගේ හඬට ඇහුම්කන් දීමට අවස්ථාව ලබා දෙන විට ඔවුන් බොහෝවිට සන්සුන් වන අතර, ගැටුම තවදුරටත් වර්ධනය කරන කෝපය සහ ආවේගශීලීත්වය මැඩපවත්වා ගැනීමට ඔවුන්ට හැකිවේ.

සාමාන්‍යයෙන් ගැටුම් අතරතුර දී මතුපිටින් වඩාත් ප්‍රකටව පෙනෙන්නේ,කෝපය වැනි චිත්තවේගයන්ය.කෝපය හැරුණුකොට බය,දුක හෝ තනිකම වැනි චිත්තවේගයන් ද ඇත.තමන් තේරුම්ගෙන ඇතිබවත්, තමන්ට ගරු කරන බවත් තමන්ගේ ප්‍රචණ්ඩ බව සහ කෝපය අවබෝධ කරගත් බවට හැඟෙන ආකාරයේ සක්‍රීය සවන්දීමේ ක්‍රියාවලියක් හරහා යම් පුද්ගලයෙකුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කළහැකිනම්,ගැටුම පසුපස හඹා යෑමේ උනන්දුව බොහෝවිට ඔවුන් තුළින් ඉවත්ව යනු ඇත.

ගැටුම්කාරී පාර්ශවයන්ට සක්‍රීයව සවන්දීමෙන් සහ එකිනෙකා කෙරෙහි ඉවසිලිවන්ත වෙමින් තමන්ට ගරු කරන බවට සහ තමන් අවබෝධකරගත් බවට දෙපාර්ශවයටම හැ‍ෙඟන ආකාරයට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි විසඳුමකට පැමිණීමට සඳහා ඔබට දෙපාර්ශවයටම උපකාර කළ හැක.

සුළු ආරවුලක් සම්බන්ධයෙන් හෝ දිර්ඝ කාලයක් මුළුල්ලේ පවතින විශාල ගැටුමක් සම්බන්ධයෙන් එය සමථයකට පත් කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පියවර පහත දක්වා ඇත.

ගැටුම් නිරාකරණය කිරීමේ පියවර

ගැටුම් නිරාකරණයේ අදියර:

  • 01
    එකිනෙක පාර්ශවයේ කතාවට ඇහුම්කන් දීම.
  • 02
    අනෙකාගේ හැඟීම් හඳුනාගැනීම.
  • 03
    එක් එක් පාර්ශවයේ ඕනෑකම් හඳුනාගැනීම.
  • 04
    සම්මුතියකට පැමිණීම.
පහත දැක්වෙන්නේ ගැටුම් නිරාකරණ ක්‍රියාවලියක් අතරතුර පහසුකම් සලසන්නා විසින් එක් එක් පාර්ශවයන්ගෙන් විමසිය යුතු කරුණු ලැයිස්තුවකි.

ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා උපකාර අවශ්‍ය ද යන්න ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම විමසන්න. දෙපාර්ශවම එකඟ වන්නේ නම්, පහත සඳහන් පියවර 10 අරඹන්න.පාර්ශවයන් අතර හරිමැදින් වාඩිවෙන්න.එක්පාර්ශවයකට වඩා අනෙක් පාර්ශවයට සමීපව වාඩිවීමෙන් වළකින්න.

එක් එක් පාර්ශවය විසින් පවසනකතාවට ඇහුම්කන් දීම,
  • 1. සිදුවූ දේ විස්තර කළ හැකිද යන්න්පාර්ශවයෙන් විමසන්න.
  • 2. A පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙසඊ පාර්ශ්වයෙන් ඉල්ලා සිටින්න.
  • 3. සිදුවූ දේ විස්තර කළ හැකිද යන්න B පාර්ශවයෙන් විමසන්න.
  • 4. B පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙස A පාර්ශවයෙන් ඉල්ලා සිටින්න.
අනෙකාගේ හැඟීම් හඳුනාගැනීම,
  • 5. එය සිදුවූ විට තමන්ට එය දැනුණු ආකාරය පිළිබඳව A පාර්ශවයෙන් විමසන්න.
  • 6. A පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙස B පාර්ශවයෙන් ඉල්ලා සිටින්න.
  • 7. එය සිදුවූ විට තමන්ටඑය දැනුණු ආකාරය පිළිබඳව B පාර්ශවයෙන් විමසන්න.
  • 8. B පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙස පාර්ශවයෙන් ඉල්ලා සිටින්න.
එක් එක් පාර්ශවයේ අවශ්‍යතා හඳුනාගැනීම,
  • 9. සිදුවිය යුතුයයි ඔහුට/ඇයට හැඟෙන්නේ කුමක්ද යන්න B පාර්ශවයෙන් විමසන්න.
  • 10. B පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙස් පාර්ශවයෙන් ඉල්ලා සිටින්න.
  • 11. සිදුවිය යුතුයයි ඔහුට/ඇයට හැඟෙන්නේ කුමක්ද යන්න A පාර්ශවයෙන් විමසන්න.
  • 12. A පාර්ශවය දැන් ප්‍රකාශ කළ දෙය නැවත ප්‍රකාශ කරන ලෙස B පාර්ශවයෙන් ඉල්ලා සිටින්න.
සම්මුතියකට පැමිණීම,
  • 13. ඔහුට/ඇයට සිදුවීමට අවශ්‍ය වූ හෝ නොවූ දෙය ලෙස B පාර්ශවය විසින්
    ප්‍රකාශ කරන දෙය අනුගමනය කළ හැකිද යන්න A පාර්ශවයෙන් විමසන්න.
  • 14. ඔහුට/ඇයට සිදුවීමට අවශ්‍ය වූ හෝ නොවූ දෙය ලෙස A පාර්ශවය විසින්
    ප්‍රකාශ කරන දෙය අනුගමනය කළ හැකිද යන්න B පාර්ශවයෙන් විමසන්න.
  • 15. තමාට අදාළ එකඟතාවය වෙනුවෙන් කැපවිය හැකිද යන්න දෙපාර්ශවයෙන්ම විමසන්න.

ඔවුන් නොහැකි යැයිප්‍රකාශ කළහොත්, ගැටලූ විසඳීම සඳහා ඔවුන්ට කළ හැකි අන් යමක්වේද යන්නසිතා බලන ලෙස එක් එක් පාර්ශ්වයට පවසන්න. විසඳුම ගැටුමට සම්බන්ධ පුද්ගලයන් තුළින් ඉස්මතු වන්නේ නම් එය ඵලදායක වන බව සිහි තබා ගන්න.

තම කණ්ඩායම විසින් භාවිත කළයුතු යැයි සහභාගීවන්නන් විසින් යම් නීති රීතින් සඳහා එකඟතාවයකට පැමිණෙන අවස්ථාවන්හි දී භාවිත කළහැකි ප්‍රබල මෙවලමක් ලෙස සහයෝගීතා නීති සැකසීම හැඳින්විය හැක.සෑමදෙනාටම දැකබලා ගතහැකි ලෙස බිත්තියේ අලවා ඇති ලැයිස්තුවේ ඇතුළත් නීති පිළිබඳ කණ්ඩායමේ සියලූදෙනාම එකඟවිය යුතුය.සහභාගීවන්නන් විසින්ම නීති හඳුනාගත්විට ඒවා අනුගමනය කිරීමට වැඩි ඉඩක් ඇත.

සහයෝගිතාව සහ සාරධර්ම මත පදනම් වූ රීති සැකසමේදී අනුගමනය කළ හැකි පියවර කිහිපයක්,

1. රීති සැකසීමේදී ධනාත්මක භාෂාවක් භාවිත කිරීම සඳහා සහභාගිවන්නන් උනන්දු කරවන්න. නිදසුනක් ලෙස, අනෙක් අය කථා කරන විට කථා කරන්න එපා යන්නවෙනුවට අනෙක් අය කථා කරනවිට ඔබසාවධානව සවන් දෙන්න යන ලෙස ඇතුළත් කළ හැක. සහභාගිවන්නෙකු විසින් ඍණාත්මක භාෂාවක් භාවිත කරමින් යම් රීතියක් ඉදිරිපත් කළහොත්,එම රීතියලැයිස්තුවට ඇතුළත් කිරීමට අවශ්‍ය නම් එය ධනාත්මක ආකාරයට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට උපකාරී වන්න.

2. පහසුකම් සපයන්නාද සියලුම රීතිවලට අනුකූල විය යුතුය. නිදසුනක් ලෙස, වේලාවට අවසන් කිරීම රීති අතරින් එකක් නම්, පහසුකම් සපයන්නාරැස්වීම් වේලාවට අවසන්කොට තමන්ද එයඅනුගමනය කළ බවට ආදර්ශයෙන් පෙන්විය යුතුය.

3. කණ්ඩායම විසින් රීති ඉදිරිපත් කිරීමේ දී එම රීතිකඩ කිරීමේ දී ලබා දියයුතු දඩුවමඔවුන් විසින් හඳුනාගත යුතු වේ.“රීති” කඩකළහොත්, “ඔබට කණ්ඩායම ඉදිරියේ සින්දුවක් කියන්න සිද්ධ වෙනවා.”වැනිධනාත්මක අදහසක් ඉදිරිපත් කිරීම වැදගත්ය.

සැසිවාරය අතරතුර සහභාගිවන්නන් විසින් රීතිකඩකළහොත්,බිත්තියේ අලවා ඇති රීති ලැයිස්තුව නැවත කියවා බලන ලෙස ඔබට නිරතුරුවම ඉල්ලා සිටියහැක.

ලොග් සටහන් ඉගෙනුම

ඔබ මෙම සංග්‍රහය ආරම්භයේ සිට අවසානය දක්වාම ක්‍රමානුකූලව පරිහරණය කිරීමට තීරණය කරන්නේ නම්, සහභාගීවන්නන් ලවා ඉගෙනුම් ලොග් සටහනක් නිර්මාණය කිරීම කිරීම ඉතා හොඳය.එක් කොටසකින් ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකළ පසු ලොග් සටහන සම්පූර්ණ කිරීමට හෝ දින පොත ලිවීමට සුළු වේලාවක් ගත කරන ලෙස සහභාගීවන්නන්ට පවසන්න.(ලොග් සටහන් ඉගෙනුම පිළිබඳ නිදසුන බලන්න) උගත් දෙය මතකයේ රඳවා ගැනීමට එය එක් ක්‍රමයක් ද වේ. තමන් උගත් දෙය ආවර්ජනය කිරීමට හා ඒ පිළිබඳ යම් හැඟීමක් ඇති කර ගැනීමට ලිවීම තුළින් සහභාගීවන්නන්ට හැකිවේ.සහභාගීවන්නන්ගේ ප්‍රගතිය නියාමනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස,කුමන ප්‍රවේශ වඩාත් හොඳින් ක්‍රියාකර තිබේ ද යන්න ඇගයීමට ලක්කිරීමට සහ එම ප්‍රවේශයන් සඳහා යම් යම් වෙනස්කම් සිදු කිරීම සඳහා සහභාගීවන්නන් කැමතිවේ නම් ඔවුන් විසින් රවනා කර ඇති ලොග් සටහන්,පහසුකම් සපයන්නා විසින් හඬ නගා කියවිය හැක.

දෛනික සටහන් තැබීම

සහභාගීවන්නන්ට නිදහසේ ලිවීමට කාලය ලබා දුන් විට සංකීර්ණ වූ යථාර්තය පිළිබඳ අවබෝධ කරගැනීමට සහ සාරධර්ම අපේ හැසිරීම්වලට මඟපෙන්වන විධි හඳුනාගැනීමට ඔවුන් පටන්ගනී. එමෙන්ම එය හැඟීම් ප්‍රකාශ කිරීම, අලුත් අදහස් දැරීම සහ ගැටළු විසදීමේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමයකි.මෙම පොතේ සඳහන්ව ඇති කුමන හෝ ක්‍රියාකාරකමක් සඳහා දෛනික සටහන් තැබීම හඳූන්වාදීම පිළිබඳ සිතා බලන්න.සැසිය ආරම්භයේදී හෝ අවසානයේදී විනාඩි 10 ක් හෝ ඊට වැඩි කාලයක් දෛනික සටහන් තැබීම සඳහා වෙන් කළ හැක.දෛනික සටහන් යොදා ගැනීම පහසුකම් සපයන්නා විසින් අවශ්‍යයෙන්ම සිදුකළ යුතු දෙයක් නොවන අතර,වඩාත් සුදුසු කුමක් ද යන්න ඔබම තීරණය කරන්න.

චිත්‍රපට

ඔබ ඇතැම්විට සාරධර්ම පිළිබඳ කථා කරන චිත්‍රපට හෝ වාර්තාමය වැඩසටහන් පිළිබඳ අසා ඇත.සාරධර්ම පිළිබඳ සහ ඒවා තමාට හා ප්‍රජාවට අදාළ වන ආකාරයට සහභාගීවන්නන්හට වඩාත් ගැඹුරින් අවබෝධකරදීම සඳහා දෘෂ්‍ය මාධ්‍ය උපකාරීවේ.සහභාගීවන්නන් නිරතුරුවම චිත්‍රපට හෝ වාර්තාමය වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවල නිරත කරවීමට සහ ඔවුන්ගේ අදහස් දෛනිකසටහන්වල කෙටි රචනා සේ ලීවීමට මතක තබාගන්න.

කතාන්දර

සාරධර්ම පිළිබඳ සියුම් පණිවිඩ හුවමාරු කරගැනීමේ දී කතාන්දර කදිම කාර්යභාරයක් ඉටුකරයි.සාරධර්ම පිළිබඳ එත්තු ගැන්වීමට හොඳ කතාන්දරයකට හැක.ඔබේ කණ්ඩායමට කියවීමට හෝ වෙනත් ක්‍රියාකාරකමකදී භාවිත කිරීමට කතාන්දර එකතු කරන්න.ඔබ ලිවීමට ආසා කරන්නේනම්, ඔබටද ඔබගේම කතාන්දරයක් ලියා එය කණ්ඩායම සමඟ හුවමාරු කරගත හැක.

ගීත

මෙම කොටසේ සඳහන්ව ඇති කුමන හෝ සාරධර්මයකට අදාළ ගීත ඔබ දන්නේ නම්, පරිච්ඡේදය ආරම්භයේදී ඒවා කණ්ඩායමට ඇසීමට සලස්වන්න.සාරධර්ම පිළිබඳ ගැඹුරින් සිතා බැලිය හැකි,ඒවා අත්විඳිය හැකි පරිසරයක් ගීත තුළින් නිර්මාණය කර දෙයි. සාකච්ඡාවක් ආරම්භ කිරීමට ප්‍රථම ගීතයකට සවන්දීමට අවස්ථාව සැලැස්වීම තුළින් කණ්ඩායමේ අවධානය වඩාත් හොඳින් මාතෘකාව වෙත යොමු කරවාගත හැක.