ව්‍යාපෘතියේ සාරාංශය

ආසියා පදනම, අධ්‍යාපන විශේෂ‍්ඥයින්ගේ උපකාර මත ආගමික හා ප්‍රජා නායකයින්ගේ ද අදහස් විමසීම තුලින් නිර්මාණය කරන ලද සංග්‍රහයක් ලෙස Values4All හැඳින්විය හැක.

මෙම සංග්‍රහය සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 3 න්ම ප්‍රකාශයට පත් කර ඇති අතර සක්‍රිය සවන්දීම,සාමය, ගෞරවය,ඉවසීම, කරුණාව, අවංකභාවය සහ සහයෝගය වැනි සියලුම ප්‍රජාවන්ට පොදු වටිනාකම් 7 ක් මෙම සංග්‍රහය තුලින් ආවරණය කරනු ලැබේ.

ධනාත්මක සාරධර්ම භාවිතය දිරිමත් කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි අන්‍යොනය වශයෙන් එකිනෙකට බලපාන ක්‍රියාකාරකම් මෙම මොඩියුලය තුළින් ප්‍රවර්ධනය කරයි' මෙම සාරධර්ම සංග්‍රහය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ යෞවන සමාජවල තරුණ කණ්ඩායම් අතර භාවිතයට යොමු කිරීම වුවත් පාසල් වැනි වෙනත් ආයතන තුළ වුවද මෙය පහසුවෙන් භාවිතා කළ හැක' මෙහි ක්‍රියාකාරකම් නම්‍යශීලි වන අතර සහභාගීවන්නන්ට තමා ජීවත්වන දේශයට අදාළ නිදසුන් නිරූපණයවන ආකාරයට හෝ ඒ ඒ වයස් කාණ්ඩවලට ගැලපෙන ආකාරයට වෙනස් කොට භාවිතාකළ හැක .