img_container
09 Mar

කොවිඩ් 19 සමය තුළ යොවුන්විය හා තොරතුරු තාක්ෂණය - ලහිරු පත්මලාල් සමඟ සිදුකළ සංවාදය (2020-09-03)

venue : ෆේස්බුක්
Date : 03/09/2020
Time : 09:15 AM

“කොවිඩ් 19 සමය තුළ යොවුන් විය හා තොරතුරු තාක්ෂණය” පිළිබඳ කතාබහ කිරීමට Takas.lk හි සම-නිර්මාතෘ ලහිරු පත්මලාල්, Values4all වැඩසටහන යටතේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද සම්මන්ත්‍රණ මාලාව හා මෙසේ එක්විය. මෙම සංවාදය 2020 සැප්තැම්බර් 3 වන දින සූම් (Zoom) තාක්ෂණය හරහා සිදුකරන ලදි. ව්‍යවසායකයෙකු ලෙස, පත්මලාල් ආරම්භයේ සිටම ටකාස් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර 6 කට ආසන්න කාලයක් සේවය කර ඇත.Takas.lk සංකල්පගත කරන ලද්දේ 2012 වසරේ දීය. එවකට අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදි ගැනීමට හැකියාව තිබුණේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ Groupon ගිනුම් හිමි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පමණකි. මෙම හිඩැස පුරවා ඒ සඳහා විසඳුමක් සොයා ගැනීමට පත්මලාල් සහ ඔහුගේ සම-නිර්මාතෘවරුන් වන ඩිලාන් විමලසේකර සහ මුර්ටාසා මූසාජිට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකාවේ පළමු හා වඩාත්ම ජනප්‍රිය ඊ- වෙළඳ වේදිකාව දියත් කිරීමට ඔවුන්ට හැකි විය. මුදල් මත භාණ්ඩ බෙදා හැරීමේ පළමු ආරම්භකයා ද වන්නේ Takas.lk ය. ශ්‍රී ලංකාවේ ඊ - වෙළඳාමේ ස්වභාවය පිළිබඳ අදහස් දක්වමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර කෙරෙහි දැනට වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාව පිළිබඳ ඔහු සතු දැනුම මෙහිදි පත්මලාල් අප හා බෙදා ගත්තේය. සාම්ප්‍රදායික වෙළඳසැල් හරහා සිදුවන ඇමරිකානු ඩොලර් බිලියන 13 ක වෙළඳාමට සාපේක්ෂව ඊ- ව්‍යාපාර ගිනුම් ඔස්සේ ශ්‍රී ලංකාව තුල ඇමරිකානු ඩොලර් මිලියන 40-50 ක ආදායමක් උපයයි. ඉදිරි දශකය තුළ ඊ- වෙළඳ ගනුදෙනු හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් වෙත ළඟා විය හැකි බව ඇස්තමේන්තු කර ඇති අතර, මෙය අනාගත ආයෝජකයින්ට මෙන්ම මෙය නව ව්‍යාපාර සඳහා ශක්තිමත් වෙළඳපල අවස්ථාවක් බවද ඔහු පෙන්වා දෙන ලදි. ඒෂියා සෙකියුරිටීස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ වසංගතයට පෙර සිට පශ්චාත් කොවිඩ් 19 දක්වා කාලය තුල අන්තර්ජාල සාප්පු සවාරි 13% සිට 63% දක්වා (එනම් 2020 මාර්තු සිට ජූලි දක්වා රට අගුලු දමා තිබූ කාලය තුල) ඉහළ ගොස් ඇති බව සහ සුපිරි වෙළඳසැල් සාප්පු සවාරි පූර්ව - කොවිඩ් සිට පශ්චාත් කොවිඩ් දක්වා 83% සිට 53% දක්වා (ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත තුළ) පහළ ගොස් ඇති බවයි. 2020 මාර්තු සිට අප්‍රේල් දක්වා රට අගුළු දමා තිබූ කාලය තුළ විශාල ජාල සහිත සුපිරි වෙළඳසැල් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම් සඳහා වූ ඉල්ලීම් සපුරාලීමට ඉමහත් පරිශ්‍රමයක් දැරූ ආකාරය සිහිපත් කරමින් පද්මලාල් පෙන්වා දුන්නේ ටකාස් සහ අනෙකුත් කුඩා ව්‍යාපාර වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරමින් එකී අභියෝගයට සාර්ථකව මුහුණදුන් බවත් එමඟින් සමාජ මාධ්‍ය ව්‍යාපාර වල ඇති උචිතභාවය තවදුරටත් සනාථ කිරීමට හැකි වූ බවත්ය. මෙම වෙනස ඇති කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් ලෙස ඔහු ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය පෙන්වා දෙන ලදි. තාරුණ්‍යය සහ පරිණාමය වෙමින් පවතින මෙම පරිසරය තුළ ඇති අවස්ථාවන් පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් පත්මලාල් තහවුරු කර සිටියේ තොරතුරු තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුව සමඟ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට අද තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් උදාව ඇති බවයි. 2012 වසරේ ටකාස් හි ආරම්භක අත්දැකීම් බෙදාහදා ගනිමින් පත්මලාල් පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය පහසුකරවන දැනට පවතින බෙදාහැරීමේ සමාගම් රාශිය හා සැසඳීමේදි ගනුදෙනුකරුවන් වෙතට භාණ්ඩ ලබා දීම එකල ඉතාමත් දුෂ්කර කාර්යක් වූ බවයි. බැංකු ඇතුළු ඊ- වෙළඳාම වටා උපකාරක ව්‍යාපාර තවදුරටත් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන කුඩා සමාගම් සඳහා පහසු ගෙවීම් ක්‍රමවේදයන් ගොඩනැගී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ නියැලුනු, දේශපාලන විද්‍යාව හා මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරි ඔහු, IT ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ක්ෂේත්‍රයට පිවිසීමට ආරාධනා කරමින් කියා සිටියේ තමන් මෙන්ම ප්‍රයෝගික අත්දැකීමෙන් සාර්ථකත්වය ළඟා කරගතහැකි බවයි. ඔහුට අනුව, තොරතුරු තාක්ෂණය සහ අන්තර්ජාලය හේතුකොට ගෙන භූගෝලීය වශයෙන් මිනිසුන් අතර ඇති ඇති දුරස්ථභාවය අඩුවී ඇත. දුර යනු තවදුරටත් ගැටළු සහගත කාරණාවක් නොවේ. මාතර සිට යාපනය දක්වා ජීවත්වන ඕනෑම කෙනෙකුට අද අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. සරල ගූගල් සෙවුමකින් හෝ ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලය වැනි ගෞරවනීය සහ සුවිශේෂී ආයතන විසින් පවත්වන මාර්ගගත සම්මන්ත්‍රණයකට නොමිලේ සහභාගී වීමෙන් දැනුම ලබාගැනීම අද ඉතා පහසු කරුණක් වී ඇත. තොරතුරු තාක්ෂණය සමඟ සම්බන්ධ වීමට කැමති සෑම යෞවනයෙකුම මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවද පත්මලාල් අවධාරණය කළේය. පවතින ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ඇති විවේචනාත්මක චින්තන හැකියාවේ අඩුව උපුටා දක්වමින් ඔහු තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේ අසාර්ථකත්වයන් අවස්ථාවන් කරගන්නා ලෙසත් බධකයන් කර නොගන්නා ලෙසත්ය. ලංකා ඒන්ජල්ස් ජාලයේ (Lanka Angels Network) හිටපු ප්‍රතිලාභියෙකුගේ සිට එහි මණ්ඩලයේ සාමාජිකයෙකු වීම දක්වා ආ ගමන් මඟ ගැන පත්මලාල් පවසා සිටින්නේ අදහස් මල්පල දැරීමට නම් උපකාර ඉල්ලා සිටීම අවශ්‍ය බවයි. ලෝකය දිගින් දිගටම වෙනස් වන විට ව්‍යාපාරික ආකෘතීන් ද වෙනස් වේ. එමනිසා, ඊ- වෙළඳාම සම්බන්ධයෙන් විසඳුම් සොයා ගැනීමේදි ටකාස් කළා සේ එහි ඊ වෙළඳ වේදිකාවෙන් පිටතට පිවිස තම ගනුදෙනුකරුවන්ට අනුවර්තනය වීමට මෙන්ම ඔවුන්ට විවිධාකාර විසඳුම් ලබා දීමට තරුණ ව්‍යවසායකයින් සමත් විය යුතුය. තමන්ගේ ශක්තීන් සහ දුර්වලතා අවබෝධ කර ගැනීම ප්‍රධාන අභියෝගයක් වන අතර සාර්ථක නායකයෙකු තුළ අවශ්‍යයෙන්ම පැවතිය යුතු දෙයක් ලෙස ඔහු එය සලකයි. ඔහු තවදුරටත් කියා සිටියේ තමන්ගේ සීමාවන් දැන ගැනීමෙන් අන් අය පරයා යා හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපකාර ඉල්ලා සිටිය හැකි බවයි. ව්‍යවසායකයෙකුට තම කණ්ඩායම තම ව්‍යාපාරයට සහාය වන ආකාරයට ගොඩනගා ගත යුතු ආකාරය මෙය බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය මුහුණ දෙන බොහෝ අභියෝග අතර, පත්මලාල් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. එනම් කුඩා ප්‍රමාණයේ වෙළඳපල සහ නාගරික මධ්‍යස්ථාන (කොළඹ, මහනුවර, ගම්පහ වැනි) හැරුණු විට රටේ සෙසු ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය සඳහා ප්‍රවේශවීමේ පහසුකම් නොමැතිවීමයි. කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කර්මාන්තයට පිවිසීමේ මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ පිරිමින් ආධිපත්‍ය දැරීමේ ප්‍රවණතාව බිඳ දැමීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය. මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණය ඔස්සේ කථා කිරීමට අවස්ථාව ලැබීම ඔහු අගය කරන අතරම, ව්‍යාපාරයක නිරත වන විට සාරධර්ම සුරකීමේ වැදගත්කම ද පත්මලාල් අවධාරණය කරයි. සාධාරණ ලෙස කටයුතු කිරීම මෙන්ම කෙටි උත්සාහයන් ගෙන් වැළකී සිටීම ද සාර්ථකත්වය සහතික කරවන සාධක ලෙස ඔහු විශ්වාස කරයි. තකාස් කණ්ඩායමේ සෑම අංශයක් තුලින්ම , එහි සේවකයින්ගෙන් සිට ආයෝජකයින් දක්වා විවිධත්වය සහතික කිරීමට හැකිවීම ගැන පත්මලාල් ආඩම්බර වේ.වැරදි චේතනාවන්ගෙන් යුත් මිනිසුන් තොරතුරු තාක්‍ෂණය අඛණ්ඩවම අනිසි ලෙස පරිහරණය කරන නමුත් අප රටේ ප්‍රජාවන් අතර අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස පරිණාමය වෙමින් පවතින මෙකී තොරතුරු තාක්ෂණයට විශාල හැකියාවක් ඇති බව පවසමින් ඔහු කතාබහ නිමා කළේය. ඔබට එම සාකච්ඡාව මඟහැරුණා නම් Values4all ෆේස්බුක් පිටුවේ ඇති සජීවී සංවාදයට මෙම සැබැඳිය ඔස්සේ ඔබට ප්‍රවේශවිය හැක.