'පොදු සාරධර්ම සහ පොදු සංස්කෘතීන් ': සාරධර්ම වෙනු වෙන් පෙනී සිටින්නන් ලෙස තරුණ පහසුකම් සපයන්නන් තම ගමන (gaman) මග දෙස ආපසු හැරී බැලීම
Values4All වැඩසටහන විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්ක හයේ තරුණ පහසුකම් සපයන්නන් 80 කට ආසන්න සංඛ්‍යාවක් එකට ඒක රාශී කරමින්, ඔවුන්ගේ ගමන් මග දෙස ආරම්භයේ සිට ආපසු හැරී බැලීමේ අමුණින් තරුණ පහසුකම් සපයන්නන් සමඟ ' පොදු සාරධර්ම සහ පොදු සංස්කෘතීන්' නම් වු අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පවත්වන ලදී. පළමු වැඩසටහන කොළඹදී පවත්වන ලද අතර, මෙම දෙවන හමුවීම සර්වෝදය සහ ආසියා පදනමේ සහයෝගය ඇතිව Corvid 19 වසංගතය හේතුවෙන් අන්තර් ජාලය ඔස්සේ පවත්වන ලදි. මෙම වැඩසටහනේ එක් විශේෂ අංගයක් වූයේ ආසියා පදනමේ සාරධර්ම පිළිබඳ තානාපතිවරයා වන, හිටපු ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් මහතා සහභාගී වීමයි. මහරුෆ් මහතා සිය දේශනයේදී එදිනෙදා ජීවිතයේදී යහපත් සාරධර්ම භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉන්පසු සහභාගිවන්නන් විසින් , වසංගතය තුළ යහපත් සාරධර්ම භාවිතා කිරීමට උත්සාහ කිරීමේ දි ඔවුන් මුහුණ දුන් අභියෝග සහ එම අභියෝග ජයගැනීමට ඔවුන්ට හැකි වූ ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ලදි. තරුණ පහසුකම් සපයන්නන්ට කණ්ඩායම් සැසි වලදි තමන්ගේ අත්දැකීම් ආවර්ජනය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. Values4All වැඩසටහනේ කොටස්කරුවන් වීමට ලැබීම ගැන බොහෝ සහභාගිවන්නන් සතුටු වූ අතර විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන් සමඟ අන්‍යෝනය වශයෙන් ක්‍රියා කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව ඔවුන් තම කෘතඥතාව පළ කළහ. Values4All වැඩසටහනේ ප්‍රධාන උපදේශකවරුන් වන රම්සි මහතාගෙන් සහ තෙවුනි මහත්මියගෙන් ඔවුන්ට ලැබුණු අඛණ්ඩ මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව ද ඔවුහු ඉතා කෘතවේදීව සිහිපත් කළහ. බොහෝ සහභාගීවන්නන් පැවසුවේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තම ජීවිතය තුළ ධනාත්මක සාරධර්ම අනුගමනය කිරීමට සහ අන් අයට ආදර්ශයක් වන ආකාරයට ජීවිත පවත්වා ගෙන යාමට වඩාත් කැපවී සිටින බවයි. සාකච්ඡා වලින් මතු වූ තවත් ප්‍රධාන කරුණක් වූයේ Values4All වැඩසටහන හරහා ඔවුන්ට ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ කතා කිරීමේ කුසලතා, අන්තර් පුද්ගල කුසලතා සහ තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි. තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කය තුළ පවතින විවිධ ආගමික සම්ප්‍රදායන්, සංස්කෘතික උත්සව, ආහාර සහ වැදගත් ස්ථාන පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන ලෙස වැඩසටහන අතරතුර දිස්ත්‍රික්ක හයේ ම සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී. දිස්ත්‍රික්ක හය තුල භාවිතා වන සාරධර්ම හා සංස්කෘතීන් කෙරෙහි අවධානය යොමු කරමින් එකිනෙකා විසින් සිදුකළ මනරම් ඉදිරිපත් කිරීම් පහසුකම් සපයන්නන් ට ඉමහත් සතුටක් රැගෙන ආ බවද සිහිපත් කළ යුතුමය. එමෙන්ම තම දිස්ත්‍රික්කය තුළම වෙසෙන විවිධ ප්‍රජාවන්ගේ සංස්කෘතික ලක්ෂණ සහ සාරධර්ම භාවිතයන් පිළිබඳ නව තොරතුරු දැන ගැනීමට ඔවුන් ට හැකි වූ බව සහභාගී වූ කිහිප දෙනෙක් සඳහන් කළහ. විවිධ සංස්කෘතීන් සහජීවනයෙන් කටයුතු කිරීමට උපකාර වන ආකාරය මෙන්ම ඒ පිළිබඳ නව අවබෝධයක් ඔවුන් තුළ ඇති කළ බව සහ බහු සංස්කෘතික සමාජයක කොටස්කරුවකු වීම ගැන ඔවුන් ආඩම්බර වන බව ද එම ඉදිරිපත් කිරීම් ගැන අදහස් දක්වමින් බොහෝ තරුණ පහසුකම් සපයන්නන් සඳහන් කළහ. සැසියේ තමත් විශේෂාංගයක් වූයේ එක් එක් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් කළ විනෝදාස්වාදය ගෙන දුන් සංදර්ශනය යි. මෙහිදී තරුණ පහසුකම් සපයන්නන් විසින් ධනාත්මක සාරධර්ම භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලද නැටුම්, ගීත ගායනා, කවි ගායනා සහ කෙටි වීඩියෝ දර්ශන සහභාගිවන්නන් සමඟ හුවමාරු කර ගන්නා ලදී. සමස්තයක් වශයෙන්, මෙම වැඩසටහන තුළින් පෙන්නුම් කළේ Values4All වැඩසටහන සියලුම තරුණ පහසුකම් සපයන්නන් විසින් ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස පිළිගන්නා බවයි. සාරධර්ම විෂයමාලාව ව්‍යාප්ත කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අමතරව, අනාගතයේදී මෙයාකාරයේ වැඩසටහන් සඳහා සහභාගී වීමට පහසුකම් සපයන්නන් තුළ ඇති උනන්දුව ද මේ වැඩසටහන තුළ හෙළිදරව් විය. වසර හතරක වැඩසටහන හරහා පහසුකම් සපයන්නන් තුළ යහපත් සාරධර්ම භාවිතා කිරීමේ වැදගත්කම තහවුරු කර ඇති අතර තම ප්‍රජාව තුළ අන් අය සමඟ කටයුතු කිරීමේදී මෙම සාරධර්ම දැනුවත්ව භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇත.