එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකීය කාන්තාව වන ජයන්ති කුරු-උතුම්පාල සමඟ ක්‍රීඩාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති අභියෝග කිරීමේදි සාරධර්මවල කාර්යභාරය අවබෝධ කර ගැනීම
ෂැනන් රසාක් විසින් Values4all ව්‍යාපෘතිය සාරධර්ම පිළිබඳ තානාපතිවරුන් සමඟ පවත්වන ප්‍රශ්නෝත්තර සාකච්ඡා මාලාවේ අංගයක් ලෙස එහි දෙවන මාර්ගගත සම්මන්ත්‍රණය පවත්වන ලද අතර, එහිදි ජයන්ති කුරු-උතුම්පාල මහත්මිය එවරස්ට් කන්ද තරණය කිරීමේදි ලැබූ අත්දැකීම් තුළින් ජීවිතයේ පොදු සාරධර්ම වල වැදගත්කම ගැන කතා කළාය. එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඇයගේ ගමන ගැන ඇය කතා කිරීම විස්මයජනක අත්දැකීමක් විය. ලොව උසම කන්ද තරණය කිරීම කුමන ආකාරයේ අත්දැකීමක් වීද යන්න කුරුඋතුම්පාල මහත්මිය විස්තරාත්මකව පැහැදිලි කළාය. ඇය අඳින ලද ඇඳුම් පැළඳුම්, ගත් ආහාරපාන, ඇය සමඟ කඳු නැඟීමට එක්වුන සෙසු කණ්ඩායම, කඳු නැගීම හා අදාළ තාක්ෂණික කරුණු දක්වා ඇය පැහැදිලි කළාය. මෙම මාර්ගගත සම්මන්ත්‍රණය හරහා ඇය සිය කඳු නැගීමේ ගමන පිළිබඳ අත්දැකීම් තරුණ පහසුකම් සපයන්නන් 58 දෙනෙකු සමඟ බෙදා ගත්තාය. එවරස්ට් තරණයේ උද්වේගකර අවස්ථාවන් ගැන ඇය කතා කළා සේම, හිමාලයේ කටුක කාලගුණික තත්ත්වයන් ඇයගේ වීර ක්‍රියාව ජයැනීමට මානසිකව හා ශාරීරිකව අභියෝගාත්මක වූ ආකාරය ද ඇය සිහිපත් කළාය. කුරු-උතුම්පාල මහත්මිය කඳු නැගීම ඇයට ජීවිතයේ වැදගත් සාරධර්ම කියා දුන් ආකාරය ද බෙදා ගත්තාය. තරුණ පහසුකම් සපයන්නන් කඳු නැගීම ගැන වැඩි විස්තර දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ අතර, කුරු-උතුම්පාල මහත්මිය තමා වෙත පැමිණි අභියෝගවලට මුහුණ දීම සඳහා සාරධර්ම භාවිතා කළ ආකාරය පිළිබඳ සජීවී ප්‍රශ්නෝත්තර සැසියක් ඉන් අනතුරුව පවත්වන ලදි. ඇය අවධාරණය කළ සාරධර්ම දෙකක් වූයේ කණ්ඩායම් වැඩ සහ අධිෂ්ඨානයයි. කුරු-උතුම්පාල මහත්මිය කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම ගැන කතා කළ අතර, ඇයගේ කඳු නැගීමේ සහකරු වන ජොහාන් පීරිස් මහතා සමඟ සහ අනෙකුත් කඳු නගින්නන් සමඟ එක්ව කටයුතු කිරීම අභියෝග සාමූහිකව ජය ගැනීමට උපකාර වූ බවද ඇය සිහිපත් කළාය. කුරු-උතුම්පලා මහත්මිය එවරස්ට් කන්ද තරණය කිරීමේදී ඇය සමඟ තරණය කළ සෙසු කණ්ඩායමට වඩා සාපේක්ෂව ඇය මන්දගාමී වූ ආකාරය සහ එය බොහෝ විට අධෛර්යයට පත් කළ ආකාරය විස්තර කරමින් ඇය අධෛර්යමත් වූ ආකාරය ගැන සාකච්ඡා කළාය. ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් සහ ශක්තියක් අවශ්‍ය වූ බව ඇය සඳහන් කළාය. තරුණ ගැහැණු ළමයින් සඳහා ඇති අවස්ථා සීමා කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘතිවල ඍණාත්මක බලපෑම් පිළිබඳවද ඇය සාකච්ඡා කළාය. කඳු තරණය කරන්නියක් ලෙස තමන් අභියෝග රැසකට මුහුණ දුන් අයුරු ඇය සිහිපත් කළාය. කුරු-උතුම්පාල මහත්මිය සිය සාකච්ඡාවේදී තරුණ ගැහැණු ළමයින් තම සිහින සැබෑ කර ගැනීමට උත්සහා කරන ලෙසත් , ඔවුන්ගේ අවස්ථා සීමා කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘතිවලට අභියෝග කරන ලෙසත් දිරිමත් කළාය. කඳු නැගීමේදී කාන්තාවන් සඳහා ඇති අවකාශය සහ මූලික වශයෙන් පිරිමින් සඳහා වඩාත් සුදුසු යැයි බොහෝ විට ඒකාකෘතිකරණය කරන ක්‍රීඩා පිළිබඳව අවබෝධ කර ගැනීමට සහභාගිවන්නන් උනන්දු වූහ. තරුණ තරුණියන් දෙපක්ෂයටම ඔවුන්ගේ සිහින හා අභිලාෂයන් සැබෑ කර ගැනීම සඳහා සමාජය සමාන අවස්ථා ලබා දීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. කුරු-උතුම්පලා මහත්මිය ඇගේ අභිලාෂය සහ වසර ගණනාවක් පුරා එවරස්ට් කඳු තරණය සඳහා සූදානම් වීමට කටයුතු කළ ආකාරය ගැන ද කතා කළාය. සූදානම් වීමේ සහ අධිෂ්ඨානයේ වැදගත්කම ඇය අවධාරණය කළාය. අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දිනපතා කුඩා පියවර ගැනීම වැදගත් බව ඇය අවධාරණය කළාය. එවරස්ට් කන්ද තරණය කිරීම අත්හැරීමට සිතුණු අවස්ථා වලදී, එවරස්ට් කන්ද තරණය කිරීම පිටුපස ඇති සිය අභිලාෂය තමා සිහිපත් කළ බව කුරු-උතුම්පාල මහත්මිය සිහිපත් කළාය. ඇය තරුණ පහසුකම් සපයන්නන්ට උපදෙස් දුන්නේ එක් දිනක් බැගින් ගෙන ක්‍රමක්‍රමයෙන් තම ජීවිතයේ ඉලක්ක කරා වැඩ කරන ලෙසයි. කුරු-උතුම්පාල මහත්මියගේ සැසිය ශ්‍රී ලංකාවේ කඳු නැගීමේ අවස්ථා පිළිබඳව සහභාගිවන්නන් තුළ උනන්දුවක් ඇති කළ අතර තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීමට තරුණ තරුණියින් තුළ පෙලඹීමක් ඇති කළේය. තම ජීවිතවලට ධෛර්යක් සහ ප්‍රබෝධයක් එක් කරන කාන්තාවක් ලෙස ඔවුන් හඳුන්වන කුරු-උතුම්පාල මහත්මිය හමුවීමට අවස්ථාව ලැබීම පිළිබඳව තරුණ පහසුකම් සපයන්නෝ බෙහෙවින් කෘතඥ වූහ.