img_container
01 Jan

වගකීම් සහගත  සමාජ මාධ්‍ය භාවිතයක්  කරා

venue :
Date :
Time :

අපගේ වර්තමානය සහ අනාගතය හැඩගැස්වීමේ දී බෙහෙවින්ම දායකවන ඩිජිටල් හා තොරතුරු තාක්ෂණය වේගයෙන් වර්ධනය වෙමින් පවතින මේ කාල වකවානුව තුළ, එය දෛනිකව භාවිතා කරන්නන් ලෙස, විචාර බුද්ධියෙන් සමාජ මාධ්‍යයන්හි නිරත වන බවට සහතික වීම සඳහා, අප අපගේ වගකීම භාර ගන්නේ කෙසේද යන්න පිළිබඳව යෞවනයන් ලෙස අප මොහොතකට නතරව කල්පනා කරමු. සමාජ මාධ්‍ය අපගේ එදිනෙදා ජීවිත හා බද්ධ වී ඇති අතර එය පසුගිය දශක දෙකක කාලයක් තුළ ගෝලීය වශයෙන් වේගයෙන් පැතිරෙමින් ඇත. පසුගිය වසර තුළ පමණක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ 23% ක වර්ධනය දෙස බලන විට, ඉදිරියට ගමන් කරමින් සිටින සමාජ මාධ්‍ය පරිසරය තුළට ශ්‍රී ලංකාව ද ඇතුලත්වීම විශේෂ කරුණක් නොවන බව පැහැදිලිය. දැනට පැතිරමින් යන COVID-19 වසංගතයේදී, ගෘහස්ථ අවශ්‍යතා සපුරාලීමේ දෛනික අරගලයට පහසුකම් සැලසීම සඳහා සමාජ මාධ්‍යය ඵලදායී මෙවලමක් බව ඔප්පු වී ඇති අතර, වත්මන් සමාජ තත්ත්වය පිළිබඳව දැනුවත්වීමට මෙන්ම, මෙම දුෂ්කර කාලනකවානුවේදි අපගේ ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමටද එය බෙහෙවින් අපට උපකාර වී ඇත. කෙසේ වෙතත්, වෙනත් බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසංගතය අතරතුර පරිශීලකයින් නොමඟ යැවීම සඳහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන මාධ්‍යයක් ලෙස ද සමාජ මාධ්‍ය භාවිතා වේ . ආසියා පදනම සර්වෝදය සමඟ සහයෝගිත්වයෙන් #StrongerTogetherSL ආරම්භ කරනු ලැබුවේ, වගකීම් සහගතව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලෙස යෞවනයන් දැනුවත් කිරීමට සහ එකමුතු වූ විට අප ශක්තිමත්ය යන්න පෙන්නුම් කරමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන ව්‍යාජ තොරතුරු සහ වෛරී ප්‍රකාශ වැනි ගැටළුවලට එරෙහිව නැගී සිටීමට යෞවනයන් දිරිමත් කිරීම අරමුණු කරගෙනය. වසංගතයක් පැතිරයාම වැනි තීරණාත්මක කාලවකවානුවකදී පදනම විසින් ගොඩනගන ලද සාරධර්ම සංග්‍රහය මත පදනම්ව, මූලික මානවවාදී සාරධර්ම අපගේ ජීවිතයට එක්කර ගැනීමේ වැදගත්කම සහ ඒ සෑම දේකටමත් වඩා, වඩාත් යහපත් සහ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම ව්‍යාපාරය අවධානය යොමු කර ඇත. සැබවින්ම, පරිශීලකයින්ට සමාජ මාධ්‍ය පරිසරය පිළිබඳව අවධියෙන් සිටීමට මීට වඩා හොඳ කාලයක් නැති තරම්ය. මෙය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්#StrongerTogetherSL හෑෂ්ටැග් පරපුර (Hashtag Generation) සමඟ එක්ව ‘ඩිජිටල් යුගයක අප විචාරාත්මකව සිතමු’ යන තේමාව යටතේ අන්තර් ජාලය ඔස්සේ වැඩමුළුවක් පවත්වන ලදි. විශේෂයෙන්ම COVID-19 වසංගතය හා අදාළ වෙනස් කොට සැලකීම් වලට ලක්වන සහ ව්‍යාජ තොරතුරු හුවමාරුවන සන්දර්භයක් තුළ, සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවා විචාරාත්මකව භාවිතා කළහැක්කේ කෙසේ ද යන්න පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබා ඒ තුලින් සමාජ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ව්‍යාපෘතිය හා සම්බන්ධ සර්වෝදයේ තරුණ පහසුකම් සපයන්නන් දැනුවත් කිරීමට මෙම වැඩමුළුව උත්සාහ ගෙන ඇත. මෙම සම්මන්ත්‍රණය 2021 මැයි 20 සහ 21 යන දිනවල පවත්වන ලද අතර එය සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම සිදුකරන ලදී. සමාජ මාධ්‍යවලට අදාළ වත්මන් සන්දර්භය අවබෝධ කර ගැනීම සඳහා, එය ආරම්භ වූ ආකාරය සහ එය දැන් පවතින ස්ථානයට විකාශනය වූ ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. සමාජ මාධ්‍යය අපගේ දෛනික ජීවිතය වැඩිදියුණු කිරීමට දායක වී ඇතත්, එයින් ඇති වන රිණාත්මක බලපෑම් බොහෝ විට ඉතා විශාල හා විෂම යයි කිව හැක. මෙම රිනාත්මක බලපෑම් වසංගතය තුළ තව තවත් වර්ධනය වූ අතර එය අන්තර් ජාලය තුල මෙන්ම ඉන් බැහැරව සිටින කණ්ඩායම් තුළ ආතතීන් ඇති කිරීමට හේතු විය. සමාජය තුල සිදුවන යම් යම් සිද්ධීන් සමාජ මාධ්‍යවල සටහන් වන ආකාරය සහ මෙකී මාතෘකා පිළිබඳ අන්තර් ජාලය ඔස්සේ සිදුකරන සංවාද සැබෑ ලෝකයේ පැවැත්මට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩමුළුව අතරතුර පහසුකම් සපයන්නන් දැනුවත් කරන ලදී. ඉතාම සුළු තොරතුරකින් වුවද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමඟ යැවිය හැකි ආකාරය පැහැදිලි කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුල සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි තබා ඇති සටහන් උදාහරණ වශයෙන් පෙන්වා දී ඇත. වෛරී ප්‍රකාශ, ව්‍යාජ තොරතුරු සහ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටීම වැනි සමාජයට හානි සිදුවිය හැකි මාතෘකා පිළිබඳ සැසිවාරයේදී අවධානය යොමුකරන ලදි. සියලුම පරිශීලකයින් සඳහා වූ ප්‍රකාශ කිරීමේ නිදහස සහ එය වගකීමෙන් යුතුව භාවිතා කළ යුතු ආකාරය වැනි සංකල්ප ද වැඩමුළුව තුළ සාකච්ඡාවට ලක් කරන ලදී. එබැවින් යම් තොරතුරක් ලැබුණ විට එය අන් අය හා බෙදා ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පෙර ලැබුණු සියලු තොරතුරු තහවුරු කරගැනීම වැදගත් වේ. බෙදා ගැනීමට පෙර ව්‍යාජ තොරතුරු හඳුනා ගන්නේ කෙසේ ද සහ තොරතුරු තහවුරු කරගන්නේ සහ ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ සහ හානිදායි කතන්දරවලට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රම හඳුනා ගන්නේ කෙසේ ද යන්න හඳුනා ගැනීමට වැඩමුළුව විසින් පහසුකම් සපයන්නන්ට අවස්ථාව ලබා දී ඇත. වැඩමුළුව ඔස්සේ බෙදාගත් අන්තර්ගතය සම්බන්ධයෙන් සහභාගිවන්නන් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය. සමාජ මාධ්‍යවල තබන සටහන් වගකීම් සහගත නොවේ නම් ඒ තුලින් පුද්ගලයෙකුට හෝ ප්‍රජාවකට නොදැනුවත්වම වන හානිය පිළිබඳ ඔවුන් වටහා ගත් අතර, එවැනි කරුණු විශ්ලේෂණය කිරීමේ ඔවුන්ගේ හැකියාව වැඩිදියුණු වූවා මෙන්ම ඔවුන් විසින් ඇති කර ගෙන තිබු වැරදි වැටහීම් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ද ඔවුන්ට හැකි විය. අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වන වැරදි සහ ව්‍යාජ තොරතුරුවලට වගකීමෙන් යුතුව කටයුතු කිරීමට තරුණයින්ට අවශ්‍ය මෙවලම් සැපයීමට උත්සාහ කරන ආසියා පදනමේ සාරධර්ම සංග්‍රහයේ ඉදිරියට ක්‍රියාත්මක කරන වැඩසටහන සඳහා අඩිතාලමක් සකස් කර ගැනීමට මෙම සාකච්ඡාව බෙහෙවින් උපකාරී විය.

img_container Image 1 - #StrongerTogetherSL පහසුකම් සපයන්නන් සිංහල මාධ්‍යයේ වැඩමුළුව අතරතුර
img_container Image 2 - #StrongerTogetherSL පහසුකම් සපයන්නන් සිංහල මාධ්‍යයේ වැඩමුළුව අතරතුර
img_container Image 3 - #StrongerTogetherSL පහසුකම් සපයන්නන් දෙමළ මාධ්‍යයේ වැඩමුළුව අතරතුර