img_container
02 Jan

E තක්සාලාව සහ ගූගල් ප්ලේ ස්ටෝර් ඔස්සේ Values4All

venue : Sri Lanka
Date : 01/02/2019
Time : 11:30 AM

Values4All දැන් ඔබට අන්තර්ජාලය ඔස්සේ බාගත කළ හැක. මෙම යෙදුම ආසියා පදනම අධ්‍යාපන විශේෂඥයින්ගේ සහයෝගය ඇතිව සහ යෞවනයන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ආගමික නායකයින් සහ ප‍්‍රජා නායකයින්ගේ අදහස් වීමසීම මත ගොඩනගන ලද සාර්ධර්ම සංග‍්‍රහය පදනම් කරගෙන නිර්මාණය කරන ලද්දකි.සක‍්‍රිය සවන්දීම,සාමය, ගෞරව කිරීම, ඉවසීම, කරුණාව අවංකකම සහ එක්ව වැඩ කිරීම (සහයෝගය) වැනි සෑම දෙනාටම පොදු වූ සාරධර්ම 7 ක් මේ තුළින් ආවරණය කරනු ලැබේ. සිංහල,දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම Values4All ලබා ගත හැකි අතර එයට පුහුණු මාර්ගෝපදේශයක් මෙන්ම යෞවනයන්ට සාරධර්ම පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීම සහතික කිරීම සඳහා විස්තර කිරීම් සහ සංඥා භාෂා සමඟ වීඩියෝ නිබන්ධන එයට ඇතුළත් වේ. පහත සඳහන් තලය ඔස්සේ ඔබට යෙදුම බාගත කළ හැක: - ගුගල් ප්ලේ ස්ටෝර් (Google Play store) https://play.google.com/store/apps/details?id=com.values4all.valuescurriculum.androidproject E - තක්සලාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් සංචිතය http://www.e-thaksalawa.moe.gov.lk/web/en/updates/item/582-values4all.html - එසේත් නැත්නම් QR සංකේතය ස්කෑන් කරන්න ධනාත්මක සාරධර්ම භාවිතා කිරීම සඳහා අනුබල දීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි අන්තර් ක‍්‍රියාකාරි ක‍්‍රියාකාරකම් සාරධර්ම සංග‍්‍රහය විසින් ප‍්‍රවර්ධනය කරනු ලැබේ. මෙම සාරධර්ම සංග‍්‍රහය නිර්මාණය කිරීමේ ප‍්‍රධාන අරමුණ වූයේ දිවයින පුරා පිහිටි තරුණ සමාජවල තරුණ කණ්ඩායම් අතර භාවිතයට යොමු කිරීම වුවත් පාසල් වැනි වෙනත් සන්දර්භයන් තුළ වුවද භාවිතා කළහැකි ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මෙය නම්‍යශීලි වන අතර සහභාගීවන්නන්ට තමා ජීවත්වන ප‍්‍රදේශයට අදාළ නිදසුන් නිරූපණය කරන ආකාරයට හෝ ඒ ඒ වයස් කාණ්ඩවලට ගැලපෙන ආකාරයට වෙනස් කොට මෙය භාවිතා කළ හැක.