img_container
05 Oct

"ආසියාවට පොත්" වැඩසටහනින් නැගෙනහිර පළාතේ Values4All වැඩසටහන සඳහා පොත් පරිත්‍යාග

venue :
Date : 10/05/2019
Time : 01:15 PM

ආසියා පදනමේ ‘ආසියාවට පොත්’ නම් වූ වැඩසටහනින්, Values4all වැඩසටහන සඳහා අඛණ්ඩ සහයෝගයක් ලබා දී ඇති අතර එමඟින් දීප ව්‍යාප්ත පාසල් හා මහජන පුස්තකාල ජාලය හරහා සාරධර්ම සංග්‍රහය බෙදා හැර ඇත. ආසියාවට පොත් යනු ආසියාවේ රටවල් 20 ක් පුරා ආසියා පදනම විසින් දීර්ඝකාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ සෑම වයස් කාණ්ඩයකටම සහ සියලු ඉගෙනුම් මට්ටම්වලට අයත් පාඨකයන්ට උසස් තත්ත්වයකින් යුත් ඉංග්‍රීසි පොත්පත් සහ සඟරා පරිත්‍යාග කරයි. ශ්‍රී ලංකාව තුළ, මෙම වැඩසටහන දේශීය භාෂාවන්ගේ ප්‍රකාශයට පත්කරන ලද පොත්පත් සහ සඟරා මෙන්ම රජය විසින් පවත්වන විභාග සඳහා ආදර්ශ පිළිතුරු ඇතුළත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පරිත්‍යාග කරනු ලැබේ. සෑම වසරකම මිලියන නවයකට ආසන්න ජනතාවක් ආසියාවට පොත් වැඩසටහන හරහා පරිත්‍යාග හරහා ප්‍රතිලාභ ලබා ඇත. Values4all වැඩසටහන ආරම්භයේ සිටම, ආසියාවට පොත් වැඩසටහන, නැගෙනහිර පළාතේ ජාතික පුස්තකාල සහ දේශීය පාසල් කිහිපයකටම සාරධර්ම සංග්‍රහය පරිත්‍යාග කර ඇති අතර ආසියාවට පොත් වැඩසටහන විසින් විශේෂ පොත් පරිත්‍යාග කිරීම් සිදුකරන අවස්ථාවන්හිදී ක්‍රියාකාරකම් 7 කින් යුත් කුඩා පොත් පිංචක් සහ පුහුණු අත්පොතකින් සමන්විත සාරධර්ම සංග්‍රහයක් මෙම සෑම ආයතනයකටම ලබා දී ඇත. සෑම පාසලකටම සහ මහජන පුස්තකාලයකටම සාරධර්ම සංග්‍රහය හා අදාළ පොත් කට්ටලය ගෙන ගොස් භාරදුන් බවට සහතිකවීමට සහ Values4all ජංගම යෙදුම සහ එහි ත්‍රිභාෂා වෙබ් අඩවිය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියාවට පොත් වැඩසටහනේ (ශ්‍රී ලංකාව) අධ්‍යක්ෂ ඇන්ටන් නල්ලතම්බි මහතා ක්‍රියාකාරී ලෙස දායක වී ඇත. නැගෙනහිර පළාතේ රජයේ පාසල් එකොළහක් සඳහා සහ මහජන පුස්තකාල හතක් සඳහා Values4all සාරධර්ම සංග්‍රහය ලබාදී ඇත. සමන්තුරෙයි, නින්ටාවූර්, කරෙයිතීව්, පණ්ඩිරුප්පු, නට්පිට්ටිමුනෙයි, ශාන්තමරුතු සහ කල්මුනෙයි යන ප්‍රදේශවල මහජන පුස්තකාලවලට සහ වෙස්ලි උසස් පාසල - කල්මුනෙයි, අල්-මනාර් මධ්‍ය විද්‍යාලය - මරුතමුනෙයි, අල්-හම්රා විද්‍යාලය - මරුතමුනෙයි, අල්-මදීනා විද්‍යාලය - මරුතමුනෙයි, නවාලර් විද්‍යාලය - පන්ඩිරුප්පු, අල්-හික්මා කනිෂ්ඨ විද්‍යාලය - මරුතමුනෙයි, පුලවර්මනී මහා විද්‍යාලය - පෙරියනිලවනෙයි සහ සරස්වතී විද්‍යාලය පෙරියනීලවනෙයි යන පාසල්වලට සාරධර්ම සංග්‍රහය ලබා දී ඇත. නල්ලතම්බි මහතා විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් Values4all වැඩසටහන සිය කෘතවේදීත්වය පළකර සිටී. ආසියාව සඳහා පොත් වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා https://asiafoundation.org/what-we-do/books-for-asia/ යන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.