img_container
07 Jan

කොවිඩ් -19 වසංගතය හමුවේ පොදු සාරධර්ම වැදගත් වන්නේ ඇයි

venue :
Date : 01/07/2020
Time : 08:15 PM

අප බොහෝ සෙයින් අපේක්ෂා කළ ආකාරයට සාරධර්ම සංග්‍රහයේ දෙවන අදියරේ දිස්ත්‍රික් මට්ටමේ සියලු ක්‍රියාකාරකම්, 2019 දෙසැම්බර් මාසය වනවිට කළුතර, කුරුණගල, ත්‍රිකුණාමලය, අම්පාර, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි සාර්ථක ලෙස අවසන් කිරීමට හැකිවිය. කොවිඩ් -19 වසංගත තත්ත්වයක් තුළ අප “නව” සාමාන්‍ය ලෝකයකට පිවිසෙමින් සිටින අවස්ථාවක අප ජීවිත හා බැඳුන පොදු සාරධර්මයන්හි වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා අප, අපගේ නව වැඩසටහන දෙස මඳක් හැරී බලමු. සර්වෝදය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම වැඩසටහන් සඳහා සහයෝගය ලබා දුන් අතර, වයස අවුරුදු 18 ත් 29 ත් අතර තරුණ නායකයින් සහ ක්‍රියාකාරීන් 450 කට ආසන්න පිරිසකගේ උද්‍යෝගිමත් සහභාගිත්වය අපි එහිදි අත් දුටුවෙමු. තරුණ සේවා සභාව, සර්වෝදය, රොටරැක්ට්, කළුතර යොවුන් පදනම, එක්වෙමු ශ්‍රී ලංකා සංවිධානය (මන්නාරම), ශිෂ්‍යභට (කුරුණෑගල) සහ හෝප්ෆුල් වොලන්ටීයර්ස් (අම්පාර) වැනි බොහෝ කලාපීයසංවිධාන නියෝජනය කරමින් තරුණ පිරිස් මෙම වැඩසටහන් සඳහා සහභාගී විය. ජාතික තරුණ සේවා සභාවේ සහ සර්වෝදයේ තරුණ පහසුකම් සපයන්නන්ගේ ප්‍රධාන කණ්ඩායම විසින් මෙම වැඩසටහන් මෙහෙයවන ලදි. සැසිවාර තුනේම, අත්දැකීම් බෙදාගැනීම්, අදහස් ඉදිරිපත් කිරීම් සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් වලින් සමන්විත වූ අතර එමඟින් තරුණ තරුණියන්ට තමන්ගේ එදිනෙදා ජීවිතය තුළ සාරධර්මවල වැදගත්කම වඩාත් හොඳින් වටහා ගත හැකි විය. තමන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේදි මෙම වැඩසටහන් කෙතරම් ප්‍රයෝජනවත්ද වූයේ ද යන්න පිළිබඳ සහභාගිවන්නන් විසින් වැඩසටහන පවත්වන අතරතුර සහ ඉන්පසුව, ධනාත්මක ප්‍රතිචාර ඉදිරිපත් කරන ලදි. Values4All වැඩසටහනේ උපදේශකයින් වන රම්සි සෙයින්ඩීන් මහතා සහ තෙවුනි කොටිගල මහත්මියගේ අඛණ්ඩ මඟපෙන්වීම් සහ සහයෝගය හේතු කොටගෙන, දෙවන අදියර අතරතුර සාරධර්ම හත හා අදාළ සැසි සඳහා පහසුකම් සැලසීමට ඉතා පහසු වූ බව තරුණ පහසුකම් සපයන්නන්ගෙන් බහුතරයක් පවසා සිටියහ. ඉදිරිපත් කිරීම්, මැදිහත්වීම් සහ සන්නිවේදනය සම්බන්ධයෙන් තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගැනීමට මෙම වැඩසටහන් මඟින් පහසුකම් සපයන්නන්ට අවස්ථාව ලබා දී ඇත. තවද, 2018-2019 ආරම්භක පුහුණුවේ සිට තමන්ගේ සංගම්, සම්මේලන, පාසල් සහ වෘත්තීය ජීවිතය තුළ සාරධර්ම විෂයමාලාව භාවිතා කළ බව පහසුකම් සපයන්නන්ගෙන් 80% ක් කියා සිටියහ. විශේෂයෙන්ම ඉවසීම, ගෞරවයසහ සහයෝගීතාවය යන සාරධර්ම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලට මඟ පෙන්වන සාරධර්ම ලෙස බොහෝ දෙනා හඳුනාගෙන ඇත. මෙම දෙවන අදියරේ විශේෂත්වය වූයේ පළමු අදියර සඳහා දැඩි උනන්දුවකින් සහභාගී වූවන්ට ස්වේච්ඡා පදනමක් මත පහසුකම් සපයන්නෙකු වීමට සහ ප්‍රධාන කණ්ඩායමට බැඳීමට අවස්ථාව ලැබීමයි. තුන්වන හා සිව්වන අදියරයන් මෙම වසර අගදී පැවැත්වීමට නියමිතය. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන Values4All හා අදාළ වැඩසටහන් දැනට අත්හිටුවා ඇති නමුත්, ඩිජිටල් වේදිකා හරහා අප, අපගේ පහසුකම් සපයන්නන් සහ බෙහෝ යෞවනයන් සමඟ සම්බන්ධව කටයුතු කරන්නෙමු. වසංගතය අතරතුර දිවා රෑ නොතකා ඒ සම්බන්ධයෙන් කැපවන ප්‍රධාන කාර්ය මණ්ඩලයට කෘතවේදිත්වය පළ කරන පණිවුඩ හුවමාරු කර ගනිමින් දිස්ත්‍රික්ක හයක අපගේ පහසුකම් සපයන්නන් සෙසු රටවැසියන් සමඟ සමාජ මාධ්‍ය හරහා ධනාත්මක අදහස් බෙදාහදා ගැනීමේ නිරතව සිටිති. ‍මෙවැනි සමාජ පසුබිමක් තුළ සමඟිය හා සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ කලහරන් යසෝතරන් ප්‍රකාශ කර සිටියේ ‘‘මේ රටේ ජීවත්වන තරුණයින් හැටියට අප සුපරීක්ෂාකාරී විය යුතුයි. ඒ වගේ ම විශ්වාසදායක මූලාශ්‍ර වලින් උපුටාගත් ප්‍රවෘත්ති සහ තොරතුරු පමණක් අපි සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරුකරගත යුතුයි ” යන්නයි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අප සාමකාමීව කටයුතු කළ යුතු බව අම්පාර දිස්ත්‍රික්කයේ එම්.ඒ.එච් අස්රි පවසා සිටියේ ය. කොවිඩ්-19 හේතු කොට ගෙන ඇතිවන සමාජ අපවාදය, ඒකාකෘතිකරණය සහ වර්ගීකරණයට ලක්වීම පිළිබඳ අවධාරණය කරමින් කුරුණෑගල ඔෂිනි අනුත්තරා අවධාරණය කර සිටියේ වෛරසයට ඇති බිය දුරු කිරීම සඳහා මෙම වසංගතය පිළිබදව මිනිසුන්ට විවෘතව කථා කළ හැකි සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි. වෙනසකට ලක් වෙමින් පවතින මෙම කාලයේදි , අප සැවොම සතු වඩාත් වටිනා සාරධර්ම භාවිතා කිරීමෙන් සහ වසංගතය පිළිබඳව විවෘතව කථා කළහැකි සහ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එක්ව ක්‍රියාකළ හැකි ආරක්ෂිත පරිපූර්ණ පරිසරයක් නිර්මාණය කිරීමෙන් දැනට කරගෙන යන වැඩපිළිවෙලට දායක වීම වැදගත්ය. සහයෝගිතාව, කරුණාව, සංවේදනය සහ ඉවසීම වැනි මූලික මානවවාදී සාරධර්ම අපගේ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රීය ලකුණු විය යුතුය. ඔබ අපගේ ක්‍රියාකාරකම් සහ අපගේ තරුණ පහසුකම් සපයන්නන් විසින් කොවිඩ් -19 පිළිබඳ ඉදිරිපත් කරන ප්‍රතිචාර පිළිබඳ වැඩිදුර හැදෑරීමට උනන්දුවක් දක්වන තරුණයෙක් නම්, සහ පොදු සාරධර්ම පිළිබඳ අප විසින් ගෙන යන අඛණ්ඩ සංවාදයට දායක වීමට කැමත්තක් දක්වන්නේ නම්, කරුණාකර අපගේ වෙබ් අඩවිය වන www.values4all.lk වෙත සහ අපගේ සමාජ මාධ්‍ය ජාලා වන - ෆේස්බුක් සහ ට්විටර් වෙත පිවිසෙන්න. සාරධර්ම සංග්‍රහය සහ විවිධ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Values4All ජංගම යෙදුම බාගත කරගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.