img_container
01 Jan

ගෝලීය වසංගතය තුළ ශ්‍රි ලාංකික යෞවනයන් Values4All හරහා එක්ව ක්‍රියා කළ අයුරු

venue : කොළඹ, ශ්‍රී ලංකාව
Date : 15/07/2020
Time : 01:00 PM

මාර්තු මස මැද භාගයේදී ඇදිරි නීතිය පනවා ක්ෂණිකවම රට වසා දැමීමත් සමඟ අන්තර්ජාලය තුළ නිදහසේ වැඩිකාලයක් රැඳී සිටීමට ශ්‍රී ලාංකික යෞවනයන්ට අවස්ථාව ලැබිණ. අන්තර්ජාලය පිළිබඳ නිරතුරුවම එන සහ යන විවිධ මත මධ්‍යයේ, ඔවුන් විසින්, වෙනස් කොට සැලකීමට ලක් වන යම් යම් තොරතුරු ඒ ඔස්සේ විශාල වශයෙන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ආසියා පදනමේ ශ්‍රී ලංකා කාර්යාලය අවධානය යොමු කළෙමු. රට තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා බලවේගයක් ලෙස සමාජ මාධ්‍ය ජාලයන් භාවිතා කිරීමට මෙය ඉතා වටිනා අවස්ථාවක් බව එහිදි අපි හඳුනාගත්තෙමු. මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු සහ දත්ත ප්‍රස්ථාර හෝ රූප සටහන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේ සිට සමාජ දුරස්ථභාවය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරන සහ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක එකමුතුබව ප්‍රවර්ධන කරවන Values4All වැඩසටහනේ තරුණ සහභාගිවන්නන්ගේ ධනාත්මක අදහස් දක්වා වසංගතය ආශ්‍රිත අන්තර්ගතයන් නිරතුරුවම ඉදිරිපත් කිරීමෙන් දැනට ක්‍රියාත්මකවන අපගේ Values4All වැඩසටහන හරහා අප, අපගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට පටන් ගත්තෙමු. තමන්ගේම ප්‍රජාවන්හි ගැටළු සම්බන්ධයෙන් ඉවසිලිවන්ත හා බහුත්වවාදී ප්‍රවේශයකට සහාය වන සාරධර්මවලින් තරුණ ශ්‍රී ලාංකිකයින් සන්නද්ධ කිරීමට Values4All වැඩසටහන ක්‍රියා කරයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම යෙදුම හරහා සාරධර්ම සංග්‍රහය දැන් ඔබට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබා ගත හැකි අතර ඒ තුළින් මූලික මානවවාදී සාරධර්ම හතක් කෙරෙහි අවධානය යොමු ඇත: සක්‍රිය සවන්දීම, අවංකබව හා සත්යවාදීබව, සාමය, ගෞරවය, ඉවසීම, කරුණාව සහ සහයෝගය. ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධාන දෙකක් වන සර්වෝදය සහ ජාතික තරුණ සේවා සභාව සමඟ හවුල් වී Values4All වැඩසටහන විසින් කළුතර, කුරුණගල, අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම සහ වවුනියා යන දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් සදහා වැඩමුළු ඇතුළත් ක්‍රියාකාරී වැඩසටහනක් සැලසුම් කර තිබුණි. නමුත් වසංගතය හේතු කොටගෙන එම ගමන් මඟ වෙනස් කිරීමට සිදුවිය. විද්්‍යුත් මාර්ගගත ප්‍රවේශයක් වෙතට මාරුවෙමින්, දකුණු ආසියානු කලාපයේ ධනාත්මක, සත්‍ය කථා නිෂ්පාදනය කරන සම්මානනීය ඔන්ලයින් මාධ්‍ය සමාගමක් වන රෝර් මීඩියා (Roar Media) සමඟ සහයෝගිත්වයෙන් Values4All වැඩසටහන හා සම්බන්ධවූවන් වීඩියෝ මාලාවක් එළිදැක්වීම සඳහා එක්ව වැඩ කළහ. අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ගේ කැපවීම අගය කිරීමට තරුණ තරුණියන් දිරිමත් කිරීම සහ සමාජ සහජීවනය සහ වෛරසය ආසදනය වි ඇති පුද්ගලයින් වෙනස් කොට සැලකීමට ලක් නොකළ යුතුය යන පණිවිඩය සමාජයට ඒත්තු ගැන්වීම මෙම නව Values4All වීඩියෝවල අරමුණයි. වසංගතය පිළිබඳ ඔවුන් දරණ දෘෂ්ටිකෝණය පිළිබඳ විමසා බැලීම සඳහා Values4All වැඩසටහනේ තරුණ පහසුකම් සපයන්නන් විද්්‍යුත් මාර්ගගත සාකච්ඡා වැඩසටහනක් සඳහා අප සම්බන්ධ කරගත්තෙමු. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද සම්මන්ත්‍රණ 4 කින් මෙය සමන්විත වූ අතර විවිධ ජනවාර්ගික-ආගමික පසුබිම් සහිත රට පුරා විසිරී සිටින පිරිමි සහ ගැහැණු තරුණ පහසුකම් සපයන්නන් එක හා සමාන අයුරින් මේ හා සම්බන්ධ විය. වසා දැමීම අවශ්‍යයෙන්ම සිදුකළ යුත්තක් වුවත් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය බධාවක් වූ බවට බොහෝ දෙනෙක් කණගාටු විය. ඇතමෙක් තම අධ්‍යයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, නව විනෝදාස්වාදයන් සොයා යෑමටත් මෙම නිහඬ කාලය යොදාගෙන ඇත. සහභාගිවන්නන් තමන්ගේ මානසික යහපැවැත්ම, වේදනාකාරී හැඟීම් සහ බිය සහ අත්‍යවශ්‍ය සේවාවන්හි අඛණ්ඩව නිරතව සිටින තම ආදරණීයන්ගෙන් තමන්ට රෝගය වැළඳෙනු ඇතැයි යන බිය පිළිබඳ සාකච්ඡා කරන ලදි. ඩිජිටල් සාක්ෂරතාවය සහ තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධ වෘත්තිකයින් සඳහා වැඩිදියුණු වෙමින් පවතින ඉල්ලුම පිළිබඳ ඔවුන් සුභවාදීව සඳහන් කළද තමන්ගේ රැකියාවේ අනාගත ගමන්මඟ පිළිබඳ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්ව සිටියහ. වැරදි තොරතුරු හුවමාරුවීම, ඒකාකෘතිකරණය සහ සයිබර් හිරිහැර යන අභියෝගයන් වසංගතය තුළ අවධානය යොමු කළ යුතු කාරණා ලෙස සාකච්ඡා තුළින් හඳුනා ගැණින. තමන්ගේම ප්‍රජාවන් තුළ ධනාත්මක සාරධර්ම ප්‍රවර්ධනය කළයුතු බවට එකිනෙකාට අභියෝග කළ මෙම සම්මන්ත්‍රණවලට සහභාගීවන්නන් විසින්ම නව තාක්ෂණික ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට මෙම සම්මන්ත්‍රණ හේතුවිය. මෙම අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුළ තමන්ට උපකාරී වූ යම් මතයක් හෝ මූලධර්මයක් අන් අය හා හුවමාරු කරගැනීම , කොවිඩ් -19 න් පසු ජීවිතය පිළිබඳ කෙටි සිතුවම් නිර්මාණය කිරීම, සහ අවදානමට ලක්විය හැකි හෝ ආබාධිත ප්‍රජාවන්ගේ අවශ්‍යතා ඉස්මතු කරමින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මෙම තාක්ෂණික ව්‍යාපෘති වලට ඇතුළත් විය. Values4All වැඩසටහනේ තරුණ පහසුකම් සපයන්නන් අතර සිදුවූ මෙම විද්්‍යුත් මාර්ගගත් හුවමාරු කරගැනීම්, ඉදිරි මාස වලදී යම් හදිසි අවස්ථාවක් පැනනැගුන විට ප්‍රජා අවශ්‍යතාවන්ට අනුව වැඩසටහන අනුගතවන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදි. ඔවුන්ගේ ජාල හරහා ඔවුන්ගේම ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දිගින් දිගටම යෞවනයන් සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන්ව බල ගැන්වීමට ආසියා පදනම අවස්ථා සොයමින් සිටී.