
Pic Your Values - Photography Competition 2020
මින් අදහස් වන්නේ කුමක්ද? අගෝස්තු 19 වන දින ලෝක ඡායාරූප දිනය සැමරීම සඳහා ‘Pic Your Values’ ඡායාරූප තරඟාවලිය මේ වසරේ නැවත පැමිණ තිබේ. ආසියා පදනම සියළුම ආධුනික ඡායාරූප ශිල්පීන්ගෙන් ඉල්ලා සිටින්නේ වඩා හොඳ ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් පෙලඹවූයේ කුමක්ද යන්න ගැන මෙනෙහි කරන ලෙසයි. ඡායාරූප තරගය මූලික මානවවාදී සාරධර්ම හයක් මත පදනම් වේ: ඉවසීම, සාමය, කරුණාව, එක්ව කටයුතු කිරීම, ගෞරවය, අවංක භාවය. සහභාගී විය හැක්කේ කාටද? 2020 අගෝස්තු 19 දින විට, අවුරුදු 18-29 අතර වයසේ පසු වන ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගී විය හැකි ය. සහභාගී වන්නේ කෙසේ ද? 1. ඉහත දැක්වෙන සාරධර්මවලින් එකක් විතර වන පරිදි ඡායාරූපයක් අර ගන්න 2. ඔබට ඡායාරූප 2ක් එවිය හැකි ය: එහෙත් එක සාරධර්මයකට අදාලව එවිය හැක්කේ එක ඡායාරූපයක් පමණයි 3. ඔබ ගත ඡායාරූපය (හෝ ඡායාරූප) ඔබගේ නම සහ ඡායාරූපයෙන් විස්තර වන සාරධර්මය හඳුන්වන නම යොදා ගනිමින් save කරන්න (උදාහරණයක් ලෙස, ඔබ එවන්නේ 'ඉවසීම' විස්තර වන පරිදි නිර්මාණය කල ඡායාරූපයක් නම්, ඔබ එය save කල යුත්තේ '[ඔබේ නම] - ඉවසීම' යන නම යොදා ගනිමිනි 4. ඔබගේ ඡායාරූපය (හෝ ඡායාරූප) අප වෙත යොමු කිරීම සඳහා මෙම විද්‍යුත් තැපෑල යොදා ගන්න: picyourvalues@gmail.com 5. ඔබ එවන විද්‍යුත් තැපෑලෙහි පහත සඳහන් තොරතුරු ඇතුලත් කරන්න: • සම්පුර්ණ නම • උපන් දිනය • ජාතික හැඳුනුම්පත් අංකය • පදිංචි ලිපිනය • ඇමතුම් අංක (හැකි නම්, ස්ථාවර දුරකථන අංකයක් සහ ජංගම දුරකථන අංකයක්) 6. ඡායාරූපයට නමක් සහ ඡායාරූපයෙන් ඔබ තෝරා ගත සාරධර්මය විස්තර වන ආකාරය පැහැදිලි කරමින් කෙටි විස්තරයක් (එක් ඡායාරූපයක විස්තර වචන 50කට නොවැඩි විය යුතු ය) සහභාගී විය යුත්තේ ඇයි? • සෑම කාණ්ඩයකින්ම ඉහළම ජයග්‍රාහකයින් තිදෙනාට ආසියා පදනම විසින් සහතිකයක් සහ තෑගි ඇසුරුම් ප්‍රදානය කෙරේ. • ජයග්‍රාහී ඡායාරූප, අදාළ ඡායාරූප ශිල්පීන්ගේ විස්තර ද සහිතව, Values4All වෙබ් අඩවියේ, ඇන්ඩ්‍රෝයිඩ් ජංගම දුරකථන මෘදුකාංගය මගින් සහ සමාජ ජාලා වල දක්වනු ඇත. ඉදිරිපත් කරන ඡායාරූපවල තිබිය යුතු තාක්ෂණික ගුණාංග: • ඉදිරිපත් කරන ඡායාරූපවල තිබිය යුතු තාක්ෂණික ගුණාංග: • ඡායාරූප JPEG ආකෘතියෙන් save කල යුතු ය. • ඡායාරූපවල විභේදනය (resolution) dpi 300 නොඉක්මවිය යුතු ය. • ඡායාරූප වෛවර්ණ ස්වරූපයෙන් හෝ තනි වර්ණයෙන් ඉදිරිපත් කල හැකි ය. • ජංගම දුරකථනයෙන් හෝ ඩිජිටල් කැමරාවක් යොදා ගෙන ඡායාරූප ගත හැකි ය. කරුණාකර සටහන් කර ගන්න: ඡායාරූපයෙහි වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු / ළමුන් සිටී නම්, අයදුම්කරුවන් පූර්ව දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගත යුතුය. මෙය නොමැතිව අපට ඡායාරූප බෙදා ගැනීමට නොහැකි වනු ඇත. ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ ආසියා පදනම විසිනි. තරඟ ඇතුළත් කිරීම් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය: 2020 අගෝස්තු 31. අපගේ අඛණ්ඩ වැඩසටහන් ගැන වැඩිදුර දැන ගැනීමට ෆේස්බුක් හි අපට like කිරීමට අමතක නොකරන්න!