මෙම කොටසේදී, සහභාගීවන්නන් එක්ව වැඩ කිරීම සහ සහයෝගය යනු කුමක් දැයි යන්න අවබෝධකරගනී.පොදු අභිමතාර්ථයක් ඉටුකර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේදී පුද්ගලයින් විසින් ඉටුකරන විවිධ කාර්යභාරයන්හි වටිනාකම හඳුනාගැනීමට ඔවුන් විසින් ඉගෙනගනු ඇත.එමෙන්ම සහයෝගය මඟින් සමස්ත සමාජයටම සාරවත් වූ අත්දැකීම් හා ප්‍රතිඵල අත්පත්කර දෙන ආකාරය සහභාගීවන්නන් විසින් හඳුනාගනු ඇත.
පොදු ගුණාංග
- ගරු කිරීම, ඉවසීම සහ කරුණාව සහයෝගය සඳහා අවශ්‍ය පදනමක් සම්පාදනය කරයි.
- ‘ඔබ අන් අයෙකු සඳහා පහනක් දැල්වුවහොත් එමඟින් ඔබගේ මාර්ගයද ආලෝකවත් වනු ඇත.’ – බුදුන්වහන්සේ
- ‘අපි සහයෝගයෙන් කටයුතු කරන විට එකිනෙකාගේ වෙනස්කම් ආදරයෙන් වැළඳගන්නා අතර, ඒවා නිර්මාණශීලීව භාවිත කරන්නෙමු. මන්දයත් වෙනස යනු එක් පුංචි යහපත් ඇති කරන දෙයකට වඩා සමස්තයම යහපත් කරන දෙයකි.’ – මහත්මා ගාන්ධි
- ‘ඔබගේ සතුරා සමඟ සාමය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ඔහු සමඟ කටයුතු කිරීමට සිදුවේ.එවිට ඔහු ඔබගේ හවුල්කරුවකු වනු ඇත.’ – නෙල්සන් මැන්ඩෙලා
- ‘නායකත්වය පදනම් වනුයේ උද්දීපනය මත විනා යටත්කර ගැනීම මත නොවේ. සහයෝගය මත විනා බිය ගැන්වීම මත නොවේ.’ – විලියම් ආතර්වුඞ්
- ‘ඔබ කවර සාර්ථකත්වයක් උදා කරගත්තත්,එය යම් කිසිවකුගේ උපකාරයක ප්‍රතිඵලයකි.’ – ඇල්තියා ගිබ්සන්
- බොහෝ දෙනෙකු එක්වූ කළ කටයුත්ත වඩාත් පහසු වේ.
- ‘තනි තනිව ගත් කල අප එක් දිය බිඳුවකි. එක්වු කල එය මහා සාගරයකි.’ - රයිනොසෙකෝ සාටෝරෝ